සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 982
පටක විද්යාව
නා. පටකවල ව්යුහය හැදෑරිම.
පටකඩ
නා.ප්ර. පට නූලින් වියූ රෙද්ද ; පට රෙද්ද.
පටන
1. නා.ප්ර. වෙළෙඳ නගරය ; නැව්තොට ; පටුනු ගම.
2. පාඩම් කිරීම ; ඉගෙනීම ; පඨනය.
3. ආරම්භය ; පටන් ගැනීම ; ඇරඹුම.
පටන් ගන්නවා
ක්රි. කිසියම් ක්රියාවකට මුල පුරනවා ; අරඹනවා ; ආරම්භ කරනවා.
පටපිළි
නා.ප්ර. සේද නූලෙන් වියූ වස්ත්ර ; පට රෙද්ද.
පටබැඳි නාමය
1. නා. ගෞරවය සඳහා – නළල් පට ආදිය බැඳීමෙන් පිරිනමන නාමය ; නම්බුනාමය.
2. උපහාසයෙන් කෙනකු හැඳින්වීමට භාවිත කරන නාමය.
පටල අස්ථිය
(පාරිභා.) නා. කාටිලේජිය අවස්ථාවක් පසු නොකොට, අරීයල සම්බන්ධක පටකය කෙළින් ම අස්ථි භවනයෙන් සෑදෙන අස්ථියක්.
පටල කල්පිතය
නා. ආකාශ මේඝයක් කොටස්වලට බෙදී ඝන වීමෙන් සෞරග්රහ මණ්ඩලය ප්රභවය වීය යනුවෙන් ලප්ලස් නම් තාරකා විද්යාඥයා ඉදිරිපත් කළ මතය.
පටල දර්ශකය
නා. ශිෂ්යයන් ස්වාධ්යයන කටයුතුවල දී ප්රයෝජනයට ගනු ලබන සාමාන්ය විද්යුත් කෝෂ යොදා ක්රියා කරවිය හැකි, රූපමය විස්තර ඉදිරිපත් කළ යන්ත්රය.
පටලනවා
1. ක්රි. එකට එක අමුණනවා ; කෙකි ආදියකින් අල්ලා ගන්නවා.
2. ලණු ආදියකින් ඔතනවා වෙළනවා ; බදිනවා.
3. අවුල් කරනවා ; ව්යාකූල කරනවා.
4. සම්බන්ධ කරනවා ; අසු කරනවා.
පටලය
1. නා. තුනී ආවරණය ; සියුම් සිවිය.
2. පෙනීම නැති කරන ඇස් රෝගයක්.
පටවනවා
1. ක්රි. අහුරනවා ; යවනවා ; බැහැර කරනවා.
2. (වරදක් අනුන් මත) පවරනවා ; ආරෝපණය කරනවා.
පටවැටි
නා.ප්ර. රෙද්දෙන් සාදා ගත් පහන් වැටිය ; පහන් තිරය.
පටහය
නා. බෙර විශේෂයක්; දෙණ්ඩිම ; ඩෝලය
පට්ට බන්ධනය
1. නා. මුතුමැණික් ඔබ්බන ලද හිස් පලඳනාව ; හිස් වෙළුම.
2. ස්තූපයක පාදයේ ඇති පටියක් වැනි තීරය.
පට්ටනය
නා. වෙළඳුන් පැමිණෙන තීර්ථයක් සහිත ප්රදේශය ; නැව්තොට.
පට්ටම
1. නා. රෝදයක් වටා සවි කළ ලෝහමය වළල්ල ; නිම් වළල්ල ; නේමිය.
2. පැත්ත ; අංශය.
3. උපාධිය ; බුහුමන ; ගෞරව නාමය.
4. තනතුර ; නිලය.
පට්ටය
1. නා. ගස්වල පොත්ත.
2. ගසක පොත්තෙන් ඉරා ගන්නා පිට පතුර
3. තලය ; තහඩුව ; ඵලකය.
4. පට වස්ත්රය ; සේද වස්ත්රය.
5. සකස් කළ පුවක් කොළපතෙහි කිරි, පැණි, දොදොල් වැනි දෑ බහා සෑදු මුල.
6. ඇගේ සෑදෙන දිය බුබුළ ; දිය පට්ටය.
පට්ටලය
1. නා. වැඩපොළ ; කම්හල ; කර්මාන්තශාලාව.
2. පෝරණුව ; ගිනි උදුන.
3. වඩු හෝ කම්මල් මේසය.
පටිගත කරනවා
ක්රි. විද්යුත් මාධ්යයෙන් ශබ්ද හෝ රූප පටියකට ගන්නවා; පටියක රඳවනවා.
පටිඝය
නා. ක්රෝධය; ද්වේෂය; තරහ.
පටිච්ච සමුප්පාදය
නා. සංස්කාර ධර්ම පිළිබඳ හේතුඵල නියමය.
පටිච්ඡන්න
වි. වැසුණු ; ආවරණය වූ ; සැඟවුණු.
පටිච්ඡාදනය
නා. වැසීම ; වස්ත්ර ආදියෙන් සිරුර වැසීම; සැඟවීම.