අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 160
ධර්මතා
නා.ප්ර. ස්වභාවය; ස්වභාව පිළිවෙල/ කලක් පුරුදු කළ චාරිත්ර ධර්ම (සං. ධර්මතා)
ධර්මදූතයා
නා. ධර්මප්රචාරයෙහි යෙදෙන්නා
ධර්මදේශනය
නා. දහම් දෙසීම; බණ කීම (පා. ධම්මදෙසන සං. ධර්මදෙශනා)
ධර්මධර
වි. ධර්මය මනා සේ දන්නා (පා. ධම්මධර සං. ධර්මධර)
ධර්මනිශ්රිත
වි. දහම් ඇසුරු කළ; ධර්මය ආශ්රිත
ධර්මපරායණ
වි. දහමට අනුව යන; ධර්මයෙහි ඇලුණු (සං. ධර්මපරායණ)
ධර්මප්රදීපිකාව
නා. මහාබෝධිවංශයට කළ පරිකථාව
ධර්මභාණ්ඩාගාරික
නා.ප්ර. දහම් ගබඩාවට අධිපති
ධර්මව්රත
නා.ප්ර. දහමට අනුකූල පැවැත්ම; ධර්මයෙහි හැසිරීම
ධර්මශ්රවණය
නා. දහමට කන් දීම; බණ ඇසීම (සං. ධර්මශ්රවණ)
ධර්මාචාර්ය
නා.ප්ර. ධර්මය උගන්වන ගුරුවරයා (සං. ධර්මාචාර්ය)
ධර්මාධිකරණය
නා. යුක්තිය පසිඳලීම; නඩු විභාග කිරීම/ යුක්තිය පසිඳලන විනිශ්චය ශාලාව; උසාවිය (සං. ධර්මාධිකරණ)
ධර්මානුශාසනය
නා. ධර්මානුකූල අනුශාසනය; ධර්මාවවාදය
ධර්මානුස්මෘතිය
නා. ධර්මය නැවත නැවත සිහි කිරීම; ධම්මානුස්සතිය (සං. ධර්මානුස්මෘති)
ධර්මාශෝක
නා.ප්ර. දඹදිව විසූ රජකෙනකුගේ නාමය (සං. ධර්මාශෝක)
ධර්මාසනාරූඪ
වි. ධර්මාසනයෙහි වැඩ සිටින; බණ අසුනෙහි වූ
ධර්මිෂ්ඨ
වි. ධර්මයෙහි නියුතු; දහමෙහි හැසිරෙන (සං. ධර්මිෂ්ඨ)
ධර්මෝපදේශය
නා. උපදේශය ගැබ් කොට ඇති ධර්මපාඨය (සං. ධර්මොපදෙශ)
ධවල
වි. සුදු; ශ්වේත (සං. ධවල)
ධවල පත්රිකාව
නා. ඇතැම් අණ පනත් නීතිගත කිරීමට පෙර නිකුත් කරන නිල ලියවිල්ල
ධවලච්ඡත්රය
නා. සුදු කුඩය; සේසත
ධ්වංසනය
නා. විනාශ කිරීම (සං. ධ්වංසන)
ධ්වජය
නා. කොඩිය/ පුරුෂ ලිංගය (පා. ධජ සං. ධ්වජ)
ධ්වන්යාර්ථය
නා. වචනයෙන් පවසන අර්ථයට වඩා වැඩියමක් ඇඟවීම (සං. ධ්වන්යාර්ථ)