අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 159
ධනවාදය
නා. පෞද්ගලික ධනවතුන්ගේ ආධිපත්යය බලපවත්වන අර්ථක්රමය
ධනස්කන්ධය
නා. වස්තු රැස; ධන සම්භාරය
ධනාඪ්ය
වි. වස්තුවෙන් පිරුණු; ධනයෙන් සමෘද්ධ (සං. ධනාඪ්ය)
ධනාත්මක
වි. සාධනීය ගුණයෙන් යුත්
ධනු
නා.ප්ර. දුන්න/ එනම් ලග්නය (පා. සං. ධනු)
ධනුර්ධරයා
නා. දුන්න දරන්නා; දුනුවායා (සං. ධනුර්ධර)
ධනුශ්ශිල්පය
නා. දුනු ශිල්පය
ධනේශ්වර
වි. මුදල් හිමි; පොහොසත් (සං. ධනේශ්වර)
ධනෝපායන
වි. වස්තු උපයන; මුදල් රැස් කරන
ධනෝපාර්ජනය
නා. ධනය ඉපයීම; වස්තු සැපයීම
ධමනය
නා. පිඹීම/ පිඹින හක්ගෙඩිය (පා. සං. ධමන)
ධමනිය
නා. ශරීරයේ රුධිරය ගෙන යන නාළය (පා. සං. ධමනි)
ධම්පියා අටුවා ගැටපදය
නා. පාලි ධම්මපදට්ඨකථාවට ලියන ලද සිංහල ගැටපදය
ධම්මචක්කප්පවත්තන සූත්රය
නා. දම්සක් පැවතුම් සුතුර (පා. ධම්මචක්කප්පවත්තන සුත්ත)
ධම්මපදට්ඨකථාව
නා. පාලි අටුවා ග්රන්ථයක නාමය (පා. ධම්මපදට්ඨකථා)
ධම්මපදය
නා. සූත්ර පිටකයෙහි ඛුද්දක නිකායට අයත් බුදු සමයේ මූලධර්ම විවරණය වන පාලි පද්ය ග්රන්ථය (පා. ධම්මපද)
ධර
වි. උසුලන; දරන (පා. සං. ධර)
ධරණ
වි. උසුලන; දරන (සං. ධරණ)
ධරණීතලය
නා. පොළොව මතුපිට පෙදෙස (සං. ධරණීතල, ධරණීතල)
ධරණීධර
නා.ප්ර. පර්වතය; කඳුවැටිය/ පෘථිවිය දරන්නා; විෂ්ණු දිව්යරාජයා (සං. ධරණීධර, ධරණීධර)
ධරණීය
නා. පොළොව; පෘථිවිය; දෙරණ; ලෝකය (සං. ධරණී)
ධරමාන
වි. පවතින; ජීවත් වන; දිවමන් (පා. ධරමාන)
ධර්මකථික
වි. ධර්මය දේශනා කරන
ධර්මචාරිණි
නා.ප්ර. දහමෙහි හැසිරෙන තැනැත්තිය (සං. ධර්මචාරිණි)