අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 158
දොරගුළ
නා. දොරට සවි කළ අගුළ (පා. ද්වාරග්ගළ)
දොරටුපාලයා
නා. දොරටු රක්නා නිලධාරියා (පා. ද්වාරපාලක)
දොරපළුව
නා. දොර පියන
දොරපිළ
නා. ගෘහයක විවෘත කොටස; ඉස්තෝප්පුව
දොළ
1. නා.ප්‍ර. හිතේ හටගන්නා දැඩි ආශාව; දොළදුක (පා. දොහළ සං. දොහල) 2. ගලා බස්නා දියපාර; කඳුර
දොළ පිදේනි
නා.ප්‍ර. යක්ෂ ප්රේතාදීන්ට දෙන ආහාර පානාදියෙන් යුතු තටුව
දොළස
නා. සංඛ්‍යාවක් හඳුන්වන නාමය
දෝණි
නා.ප්‍ර. ධාන්‍ය මිම්මක්; ද්‍රෝණිය (පා. දොණ සං. ද්‍රොණ)
දෝණිය
1. නා. දුවණි; දියණිය 2. ඔරුවක් වැනි භාජනය/ කුඩා ඔරුව (පා. දොණි)
දෝනාව
නා. පොළොව යට හාරන උමග
දෝලනය
නා. ඒ මේ අතට පැද්දීම (පා. සං. දොලන)
දෝලාව
නා. උසුලාගෙන යන යාන විශේෂයක්/ ඔංචිල්ලාව; ඕවිල්ල (පා. සං. දොලා)
දෝලිය
නා. දෝලාව; සිවිගෙය/ රජ බිසව
දෝෂය
නා. වැරැද්ද; අනිෂ්ට විපාකය/ වා පිත් සෙම් කිපීමෙන් ඇති වන පීඩාව (සං. දොෂ)
දෝෂාභියෝගය
නා. නීතිය, සදාචාරය ඉක්මවා කටයුතු කරන පාලකයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාවලියක මුල් පියවර වශයෙන් චෝදනා ඉදිරිපත් කිරීම
දෝෂාරෝපණය
නා. දොස් පැවරීම; දොස් නැගීම
ධජ
නා.ප්‍ර. කොඩිය (පා. ධජ සං. ධ්වජ)
ධජපතාක
නා.ප්‍ර. යෂ්ටි අග බැඳි කොඩි හා හරහට බැඳිය හැකි ලෙස සකස් කරන ලද තුන්හුලස් කොඩි (පා. ධජපතාකා)
ධන
නා.ප්‍ර. රන් රිදී මිල මුදල් ආදි වස්තුව; ධනය/ එකතු කිරීමේ ලකුණ/ ඇති දෙය/ විදුලියෙහි විද්යුතයෙහි අග්‍ර දෙකෙන් එකක් (පා. සං. ධන)
ධනධාන්‍ය
නා.බහු. මිල මුදල් හා භෝග සම්පත් (සං. ධනධාන්‍ය)
ධනපති
වි. ධනය ඇති (සං. ධනපති)
ධනපරිත්යාගය
නා. වස්තුව දන් දීම
ධනරේඛාව
නා. අත්ලේ පිහිටි ප්‍රධාන රේඛාවලින් එකක්