අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 268
රක්ෂිත
වි. රක්නා ලද; ආරක්ෂිත; රැකවල් ඇති (සං. රක්ෂිත)
රකාරාංශය
නා. ‘ර’ යන්න වෙනුවට යෙදෙන ‘-්‍ර’ සංකේතය
රඝුවංශය
නා. කාලිදාසයන් විසින් රචිත සංස්කෘත මහා කාව්‍යය (සං. රඝුවංශ)
රඟ
නා.ප්‍ර. රංගනය (පා. සං. රඞ්ග)
රඟමඬල
නා. රැඟුම් දක්වන ස්ථානය; කරළිය
රඟහල
නා. රංග ශාලාව
රචනය
නා. යමක් රටාවකට අනුව ගැළපීම/ නිර්මාණය; කෘතිය (පා. රචනා සං. රචන)
රජත
නා.ප්‍ර. රිදී (පා. සං. රජත)
රණ
නා.ප්‍ර. යුද්ධය/ ක්ලේශය (සං. රණ)
රණකෙළි
නා.ප්‍ර. යුද්ධ නමැති ක්‍රීඩාව (සං. රණක්රීඩා)
රණදෙරණ
නා. සංග්රාම භූමිය
රණවරා
නා.ප්‍ර. ඖෂධීය ශාකයක නාමය
රණවිරු
නා.ප්‍ර. යුද්ධ වීරයා (සං. රණවීර)
රණශූර
වි. යුද්ධයෙහි සමර්ථ (සං. රණශූර)
රණ්ඩුව
නා. කෝලාහලය (දෙ. உறண்டை)
රත්නමාලි චෛත්‍යය
නා. රුවන්මැලි සෑය
රත්නාවලිය
නා. මැණික් මාලය (පා. සං. රත්නාවලි)
රත්රන්
නා.ප්‍ර. ස්වර්ණ
රතිඤ්ඤා
නා.ප්‍ර. ගිනිකෙළි විශේෂයක නාමය (පුර්. ratinho)
රතිය
නා. රාගය/ මෙවුන්දම/ ප්‍රීතිය; සතුට (පා. සං. රති)
රතු ලූනු
නා.ප්‍ර. ලූනු විශේෂයක නාමය
රතුපුල
නා. රත් උපුල; රතු මහනෙල් මල
රතුරුධිරාණු
නා.ප්‍ර. රුධිරයෙහි ඇති රත් පැහැ සෛලය
රථ
නා.ප්‍ර. වාහනය (පා. සං. රථ)