අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 269
රථාචාර්යයා
නා. රිය පදවන්නා; රියැදුරා (සං. රථාචාර්ය)
රදනක
නා.ප්‍ර. ක්ෂීරපායින්ගේ කෘන්තක හා පුරශ්චාර්වක දත් අතර තිබෙන උල් දත
රදල
වි. වංශවත්
රනඹර
නා.ප්‍ර. ස්වර්ණ වස්ත්‍රය
රන්
නා.ප්‍ර. රත්රන් (පා. හිරඤ්ඤ සං. හිරණ්‍ය)
රන්දෝලි
නා.ප්‍ර. රනින් කළ දෝලාව/ අග්‍රමහේසිකාව
රන්ධ්රය
නා. හිස් මුදුනේ ඇති තෙල් වළ/ සිදුර/ අඩුපාඩුව/ ජන්ම කේන්ද්‍රයේ අට වන ස්ථානය (සං. රන්ධ්‍ර)
රනිල
නා.ප්‍ර. පියලි වන ඇට හටගන්නා ලෙගුමිනෝසේ ශාක කුලය
රනිල භෝග
නා.ප්‍ර. මෑ, මුං ආදි වූ සස්‍ය මාරු ගොවිතැනේ දී වගා කරන භෝග වර්ග
රපෝර්තුව
නා. නිලධාරියකු වගකිවයුත්තකු වෙත වාර්තා කිරීම/ විමර්ශනයකින් පසු සකසන ලේඛනය (ල. raport)
රමණය
නා. සිත් ඇලීම/ රති සම්භෝගය (සං. රමණ)
රමණීය
වි. සිත්කලු. පියකරු (සං. රමණීය)
රඹ
නා.ප්‍ර. කෙසෙල්/ රන්වන් පාට (පා. සං. රම්භා)
රවිකිඤ්ඤය
නා. තත් සහිත තූර්ය භාණ්ඩ විශේෂයක් (පුර්. rouaucnha)
රවුල
නා. රැවුල
රවුළා
නා. රාවණ රජ
රශනාදාමය
නා. මෙවුල්දම
රශ්මි කදම්බය
නා. ධාරාවක් මෙන් නිකුත් වන කාන්තිය
රශ්මිය
නා. ආලෝක ධාරාව/ උණුසුම; රස්නය (සං. රශ්මි)
රස පරීක්ෂක
නා.ප්‍ර. යම් යම් දේ රසායනිකමය පරීක්ෂාවන්ට භාජනය කර විග්රහ කරන්නා
රසඥ
වි. චිත්‍ර, මූර්ති, කාව්‍ය ආදි කලාවන් දන්නා/ කලා කෘතියක් රස විඳිය හැකි (සං. රසඥ)
රසඳුන
නා. රසාංජනය; ඇසෙහි ගල්වන අඳුන
රසපාකය
නා. ඖෂධ ආදිය පැසවා ලබා ගත් සාරය
රසභාවය
නා. ශෘංගාරාදි රස උපදවන හැඟීම් සමූහය (සං. රසභාව)