අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 270
රසමසවුළු
නා.ප්ර. රස මස් හා අවුළු
රසවාහිනී
නා.ප්ර. වේදේහ හිමියන් විසින් කරන ලද පාලි ග්රන්ථයක නාමය වි. රස වෑහෙන (පා. රසවාහිනී)
රස්නය
නා. උණුසුම
රසාංජනය
නා. ඇසෙහි ගානා අඳුන; රසඳුන/ අංජනම් බැලීමේ දී භාවිත කරන ආලේපය (පා. සං. රසාඤ්ජන)
රසාන්වේෂණය
නා. රසය සෙවීම
රසාභාසය
නා. රසයේ සෙවණැල්ල; රස තත්ත්වයට නොපත් ආස්වාදය (සං. රසාභාස)
රසායන
වි. රසය ගෙන දෙන/ ජීව ශක්තිය වර්ධනය කරවන/ රසායන විද්යාවට අයත් (සං. රසායන)
රසායනාගාරය
නා. රසායනික වැඩ කටයුතු කරන පරීක්ෂණාගාරය
රසාරම්මණය
නා. රසාලම්බනය (පා. රසාරම්මණ)
රසාලම්බනය
නා. රසාස්වාදය සඳහා හේතු වන අරමුණ
රසාලිප්ත
වි. නව නළු රසයෙන් යුත් (සං. රසාලිප්ත)
රසාස්වාදනය
නා. රසවින්දනය (සං. රසාස්වාදන, රසාස්වාද)
රසුදැල
නා. මිණි ගෙඩි බැඳි දැල; කිංකිණි ජාලය
රසෝඝය
නා. රස නමැති දිය දහර
රසෝද්ගමනය
නා. ශාකයක මූල කේශවලට අවශෝෂණය වන ජලය කඳ, අතු, කොළ ආදිය කරා පරිවහනය වීම
රහසඟ
නා. රහස් අංගය; ලිංගේන්ද්රිය
රහස්ය
වි. රහසිගත (සං. රහස්ය)
රළ
නා.ප්ර. ජල තරංගය/ සමූහය; රංචුව
රළපහණ
නා.ප්ර. වැව් කණ්ඩිය ජල පහරින් සේදීයෑම වැළැක්වීමට යොදා ඇති ගල් පෙළ
රළු
වි. කටුක; ගොරෝසු/ රෞද්ර
රළුපරළු
වි. ඉතා කටුක
රාක්ෂස
වි. රකුසන් පිළිබඳ වූ; අමනුෂ්යයන් පිළිබඳ වූ (සං. රාක්ෂස)
රාගාධික
වි. රාගය අධික බව
රාජකකුධ භාණ්ඩ
නා.බහු. පඤ්ච කකුධ භාණ්ඩ