අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 271

රාජද්‍රෝහී

වි. රජුට හෝ රජයට සතුරුකම් කරන (සං. රාජද්‍රොහින්)

රාජධානිය

නා. රජු වාසය කරන ප්‍රධාන නගරය/ රජුගේ පාලන පෙදෙස (පා. සං. රාජධානි)

රාජධුරය

නා. රජ තනතුර (සං. රාජධුර)

රාජපුරුෂයා

නා. රජුට මෙහෙ කරන්නා; රාජ සේවකයා (සං. රාජපුරුෂ)

රාජශ්‍රීය

නා. රාජ සම්පත්තිය (සං. රාජශ්‍රී)

රාජ්‍ය තන්ත්‍රය

නා. රටක් පාලනය කරන ක්‍රමය

රාජ්‍යය

නා. රජය (පා. රාජ සං. රාජ්‍ය)

රාජ්‍යෝදය

නා. රජකුගේ පාලන කාලයේ පටන්ගැන්ම

රාජාංගණය

නා. රජ මාලිගයේ මිදුල (සං. රාජාඞ්ගණ)

රාජාඥාව

නා. රජුගේ නියමය (සං. රාජාඥා)

රාජාණ්ඩුව

නා. රජකුගේ ස්වෛරී බලය මුල් කොට පවත්නා පාලන ක්‍රමය

රාජාභිෂේකය

නා. ඔටුනු පැලඳවීමේ මංගල්‍යය (සං. රාජාභිෂෙක)

රාජාවලිය

නා. රජ පෙළපත (සං. රාජාවලි)

රාජිනිය

නා.ප්‍ර. රජ බිසොව/ රාජ්‍ය්‍යක් පාලනය කරන්නිය (සං. රාජිනි)

රාඥිය

නා. රැජිනිය (සං. රාඥි)

රාත්‍රඥ

වි. බහුශ්‍රැත

රාත්‍රිය

නා. රැය (සං. රාත්‍රි)

රාමඤ්ඤ

නා.ප්‍ර. බුරුමයේ පිහිටි ප්‍රදේශයක නාමය/ ශ්‍රී ලංකාවේ භික්ෂු නිකායක නාමය

රාමායණය

නා. සංස්කෘත වීර කාව්‍යයක නාමය (සං. රාමායණ)

රාමේශ්වරම

නා. ඉන්දියාව හා ලංකාව අතර ඇති පටු සමුද්‍ර තීරය හරහා වැටී ඇති ගොඩැල්ල (සං. රාමෙශ්වරම)

රාල

නා. ඇතැම් රාජ්‍ය නිලධාරීන් හැඳින්වීමට භාවිත ගරු නාමයක්

රාවණ

නා.ප්‍ර. අතිපුරාණයේ ලංකාවේ රාජ්‍ය කළැයි සැලකෙන රාක්ෂස ගෝත්‍රික ප්‍රතාපවත් මහරජුගේ නාමය (පා. සං. රාවණ)

රාවප්‍රතිරාව

නා.ප්‍ර. රැව්පිළිරැව්

රාශ්‍යධිපති

නා.ප්‍ර. රාශියකට අධිපති ග්‍රහයා