අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 272
රාශිචක්‍රය
නා. ඉර හඳ හා ප්‍රධාන ආකාශ වස්තුවල ගමන් මඟ වැටී ඇති අංශක 30 ක් බැගින් සමාන කොටස් දොළහකට බෙදා ඇති තීරය (සං. රාශිචක්ර)
රාශිභූත
වි. රැස් වූ; එකතු වූ
රාශිය
නා. සමූහය/ රාශි චක්‍රය බෙදා ඇති කොටස් දොළහෙන් එකක් (පා. රාසි සං. රාශි)
රාෂ්ට්‍ර
නා.ප්‍ර. රට (සං. රාෂ්ට්‍ර)
රැකවරණය
නා. ආරක්ෂාව
රැකවල
නා. ආරක්ෂාව/ ආරක්ෂා සහිත ස්ථානය
රැකීරක්ෂා
නා.ප්‍ර. ජීවනෝපාය මාර්ගය; රැකියාව
රැජන
නා.ප්‍ර. රාජිනිය
රැඳවියා
නා. රඳවාගෙන සිටින්නා; අත් අඩංගුවේ සිටින්නා; රැඳවූ පුද්ගලයා
රැල්ල
නා. තරංගය; දිය රැල්ල
රැලි
1. නා.ප්‍ර. තරංගය/ හමෙහි හැකුළුණු ස්වභාවය 2. මහජන මුළුව (ඉං. rally)
රැලිපාලම්
නා.ප්‍ර. විසිතුරු සැරසිලි විශේෂයක්
රැවටිල්ල
නා. අනුන් මුළා කිරීම
රැව්පිළිරැව්
නා.ප්‍ර. නාදය හා අනුනාදය; රාව ප්රතිරාව
රැවුල
නා. පිරිමින්ගේ මුහුණේ වැවෙනව දළ රෝම රාශිය; රවුල
රැස
1. නා. රාශිය; ගෝත්‍රය (පා. රාසි සං. රාශි) 2. බැබළීම; කාන්තිය (පා. රංසි සං. රශ්මි)
රැහැණි
නා.ප්‍ර. කෝපය; උරණ බව
රැහැන
1. නා. ලණුව (පා. සං. රජ්ජු) 2. රංචුව; සමූහය (පා. රාසි)
රැළ
නා.ප්‍ර. රංචුව; සමූහය
රැළට වැටෙනවා
ක්‍රි. රංචු ගැසෙනවා/ සම්භෝගය සඳහා එකතු වෙනවා
රෑන
නා. රැහැන
රෑන ගිරවා
නා. රංචු වශයෙන් සිටින ගිරා විශේෂය
රෑපාන
නා. පහන් වන තෙක් රාත්‍රිය
රික්ත
වි. හිස්; ශූන්‍ය වූ (සං. රික්ත)