අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 273

රික්ෂෝව

නා. මිනිසකු විසින් අදින කුඩා වාහනයක් (ඉං. rickshaw)

රිකිලි

නා.ප්‍ර. අංකුරය; ගසක අත්තකින් ලියලා ගිය කුඩා අත්ත

රිට්ටා

නා.ප්‍ර. පුර හෝ අව පක්ෂයේ ජලවක, නවවක හා තුදුස්වක යන තිථි

රිද්මානුකූල

වි. රිද්මයට අනුකූල වූ

රිඹ

නා.ප්‍ර. ගුද මාර්ගය; තට්ටම් ප්‍රදේශය

රියන

නා. අඟල් 18 ක දිග ප්‍රමාණය (පා. රතන සං. අරත්නි)

රියැදුරු

නා.ප්‍ර. රථය පදවන්නා

රිලේ

නා.ප්‍ර. සහාය දිවීමේ ක්‍රීඩාව; කඩින් කඩ දිවීම (ඉං. relay)

රිළවා

නා. කුඩා වානර විශේෂයක්

රීත්‍යනුකූල

වි. රීතියට අනුව පවතින

රුකුල

නා. උපකාරය

රුකුළ

වි. පටන් ගත්; ඉදිරිපත් කළ

රුචිරානනිය

නා. සුන්දර ස්ත්‍රිය

රුද්‍ර

නා.ප්‍ර. ශිව/ ඊශ්වර (සං. රුද්‍ර)

රුදුරු

වි. නපුරු; බියකරු (සං. රෞද්‍ර)

රුධිර

නා.ප්‍ර. ලේ (පා. සං. රුධිර)

රුධිර පාරවිලයනය

නා. කෙනකුගේ ලේ වෙනත් අයකුට ලබාදීම

රුධිර වාහිනිය

නා. රුධිරය ගමන් කරන නහරය

රුධිරාණු

නා.ප්‍ර. රතු හා සුදු රුධිරාණු යන අණු වර්ග ද්වය; දේහාණු

රුවන්

නා.ප්‍ර. මාණික්‍යය (පා. රතන සං. රත්න)

රුවන්මැලි සෑය

නා. රත්නමාලි චෛත්‍යය

රුවනාර

නා.ප්‍ර. සාගරය; මහ මුහුද

රුවල

නා. ජල යාත්‍රාවල සුළං බදන රෙද්ද

රුහුණු

නා.ප්‍ර. පුරාණ ලංකාවේ පාලන ඒකකයක් (පා. රොහණ)