අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 274

රූක්ෂ

වි. රළු; කර්කශ (සං. රූක්‍ෂ)

රූඪ

වි. හටගත්/ නැඟණු/ ව්‍යවහාර වූ (සං. රූඪ)

රූඪිය

නා. වාච්‍යාර්ථය ඉක්මවූ අර්ථය (සං. රූඪි)

රූපණය

නා. නිරූපණය කිරීම (සං. රූපණ)

රූපරාජිනිය

නා. රූරැජින

රූපලාවණ්‍යය

නා. රූපයේ සිත්කලු බව

රූපලාවණ්‍යාගාරය

නා. රූපයෙහි සිත්කලු බව ඇති කරන ස්ථානය

රූපවාහිනිය

නා. ටෙලිවිෂනය

රූපාන්තරණය

නා. ඇතැම් ජීවීන්ගේ ස්වරූපය විශාල ලෙස වෙනස් වීම

රූපාලම්බනය

නා. ඇසට විෂය වන අරමුණ

රූල

නා. කෙළින් ගසන ඉර/ කෝදුව (ඉං. rule)

රූෂ්ට

වි. රළු

රෙගුලාසිය

නා. නීතිරීති; ව්‍යවස්ථාව

රෙදි වැරලි

නා.ප්‍ර. ඉරී ගිය පරණ රෙදි; වැරහැලි

රෙදිපිළි

නා.බහු. ඇඳුම් පැළඳුම්

රෙපරමාදු

නා.ප්‍ර. ක්‍රිස්තියානි ආගමේ නිකායක්; ප්‍රොතෙස්තන්ත ආගම (පුර්. reformado)

රෙහෙණ

නා.ප්‍ර. නැකැත් විසි හතෙන් හතරවන නැකත (සං. රොහිණි)

රේඛණිය

නා. කෝදුව

රේඛනය

නා. රේඛා ඇඳීම/ චෙක්පත් හුවමාරුවේ දී යම් යම් නියමයන් හැඟවීමට හරස් රේඛා යෙදීම

රේඛා

නා.ප්‍ර. ඉර (සං. රෙඛා)

රේඛීය

වි. රේඛාවකට අදාළ/ යම් සීමාවකට අනුව යන (සං. රේඛීය)

රේණු

නා.ප්‍ර. මල්රොන් (පා. සං. රෙණු)

රේන්දය

නා. ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමට රජයට ගෙවන බද්ද/ ගෙත්තම (පුර්. renda)

රේඵය

නා. ‘ර්’ කාර්ය සඳහා භාවිත ‘ර්‍’ සංකේතය හඳුන්වන නාමය (සං. රෙඵ)