අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 275
රොන්
නා.ප්‍ර. ධූලිය/ මල් රේණු; මකරන්ද (පා. සං. රෙණු)
රොම්බසය
නා. සමාන පාද ඇති සමාන්තරාස්‍රය (ඉං. rhombus)
රෝග නිදානය
නා. රෝගයට හේතුව
රෝග නිර්ණය
නා.ප්‍ර. රෝග හඳුනාගැනීම (සං. රොගනිර්ණය)
රෝග නිවාරණය
නා. රෝග වළකාලීම; ලෙඩ සුව කිරීම
රෝග නිශ්චය තුණ්ඩුව
නා. රෝගයක් පිළිබඳ විස්තර ඇතුළත් වෛද්‍යවරයාගේ සටහන් පත්‍රය
රෝගාබාධ
නා.බහු. ලෙඩදුක්
රෝචන
වි. බබළන (සං. රොචන)
රෝදන
වි. බාධා කරන (සං. රොධන)
රෝදනය
නා. ඇඬීම (පා. සං. රොදන)
රෝදය
නා. යන්ත්රසූත්රාදියේ කරකැවෙන ලෙස නාභියකට සම්බන්ධ කර ඇති රවුම් කොටස (පුර්. roda)
රෝධය
නා. වැළකීම; සම්බාහනය/ ඉවුර/ බන්ධනාගාරය (පා. සං. රොධ)
රෝපණ
වි. පැළ කරන (පා. සං. රොපණ)
රෝමන්ථය
නා. වමාරා කෑම; ලොඹු කෙටීම (පා. සං. රොමත්ථ)
රෝමානු කතෝලික
නා.ප්‍ර. කතෝලික සභාව; පාප් වහන්සේගේ නායකත්වයෙන් යුත් ක්‍රිස්තියානි නිකාය (ඉං. Roman Catholic)
රෝමෝද්ගමනය
නා. ලොමු දැහැගැන්වීම (සං. රොමොදගම)
රෝල
නා. කඩදාසි, පැදුරු වැනි දෑ හකුළා ගැනීමෙන් ඇති වන දිග සිලින්ඩරාකාර මිටිය/ රෝලරය (ඉං. roll)
රෝෂ
වි. කෝපයට පත් (සං. රොෂ)
රෝෂණය
නා. කෝපය (සං. රොෂණ)
රෝහණ
නා.ප්‍ර. වර්ධනය/ රුහුණු රට (පා. සං. රොහණ)
රෝහල
නා. ඉස්පිරිතාලය
රෝහිණී
නා.ප්‍ර. රෙහෙණ නැකත/ විදුලිය (පා. සං. රොහිණි)
රෞද්‍ර
වි. බිහිසුණ; කුරිරු (සං. රෞද්‍ර)
රෞරව
නා.ප්‍ර. අට මහ නරකයන්ගෙන් එකක් (සං. රෞරව)
ලංකා
නා.ප්‍ර. ආසියා මහාද්වීපයට අයත් දිවයිනක්; ශ්‍රී ලංකාව/ රාවණ රජුගේ අගනුවර (පා. සං. ලඞ්කා)