බුද්ධදත්ත පාලි අකාරාදිය – 102

ආචමෙති

(ආ+චමි+ණෙ) මල පහකොට සෝදයි.

ආචය

පු. එකතු කිරීම; රැස් කිරීම.

ආචරති

(ආ+චර+අ) පිළිපදී; හැසිරේ.

ආචරිය

පු. ගුරුවරයා.

ආචරියකුල

න. ආචාර්‍යාගේ ගෙය; ගුරු පවුල.

ආචරියධන

න. ගරුවරයාට දිය යුතු ගාස්තුව.

ආචරියමුට්ඨී

පු. ගුරුමුෂ්ටිය; සාමාන්‍යයෙන් ශිෂ්‍යයන්ට නූගන්වන ගැඹුරු දෙය.

ආචරියවාද

පු. උසස් ගුරුවරුන්ගේ මතය.

ආචරියානී

ඉ. ගුරුවරිය.

ආචාම

පු. බත් පිසන විට ඉවත් කරන කැඳ වතුර.

ආචාර

පු. පිළිපැදීම; හැසිරීම.

ආචාරකුසල

3. ශිෂ්ට හැසිරීමෙහි දක්ෂ වූ.

ආචාරී

3. හැසිරෙන්නා.

ආචික්ඛති

(ආ+චික්ඛ+අ) කියයි; දන්වයි.

ආචික්ඛන

න. කීම; දැන්වීම.
පු. කියන්නා; දන්වන්නා.

ආචික්ඛන්ත

3. කියන; කියමින්; දැනුම් දෙමින්.

ආචික්ඛමාන

3. කියන; කියමින්; දැනුම් දෙමින්.

ආචික්ඛිත

3. කියන ලද.

ආචික්ඛිත්වා

පූ.ක්‍රි. දැනුම් දී.

ආචික්ඛිතු

3. කියන්නා; දැනුම් දෙන්නා.

ආචිණ්ණ

3. පුරුදු කළ.

ආචිත

3. රැස් කළ.

ආචිනන්ත

3. රැස් කරන; රැස් කරමින්.

ආචිනාති

(ආ+චි+නා) රැස් කෙරේ.