බුද්ධදත්ත පාලි අකාරාදිය – 210

කාස

පු. කාශ රෝගය; කැස්ස; බට ගස.

කාසාය

න. කසාවත; සිවුර.
3. කසට පෙවූ; කසා පැහැති.

කාසාව

3. කසට පෙවූ; කසා පැහැති.
න. කසාවත; සිවුර.

කාසාවකණ්ඨ

පු. කසාවතක් කරේ ඇත්තා; සිල් නැති ශ්‍රමණයා.

කාසාවකන්ථ

පු. කසාවතක් කරේ ඇත්තා; සිල් නැති ශ්‍රමණයා.

කාසාවවත්ථ

න. කසට පෙවූ වස්ත්‍රය; කාසාවත.

කාසි

පු. කසී රට.

කාසික

3. කසීරටට අයත්.

කාසු

ඉ. වළ.

කාළ

3. කළු; කළු පැහැය.

කාළක

න. කළු ලපය; කළු සහල් ඇටය.
3. කළු පැහැති.

කාළක්ඛන්ධ

පු. තිඹිරි ගස.

කාළකා

ඉ. ලේනා.

කාළකූට

පු. හිමාලයෙහි කඳු මුදුනක්.

කාළකෙස

3. කළු හිසකේ ඇති.

කාළතිපු

න. කළු ඊයම්.

කාළපක්ඛ

පු. කළුවරපක්ෂය.

කාළසීහ

පු. කළු සිංහයා.

කාළසුත්ත

න. දැලි නූල.

කාළහංස

පු. කළු හංසයා.

කාළාගරු

පු. කළු අගිල්.

කාළානුසාරි

පු. කළුවැල්.

කාළායස

න. යකඩ.

කාළාවක

පු. ඇත්වර්ගයක්.