බුද්ධදත්ත පාලි අකාරාදිය – 299
තරුසණ්ඩ
පු. ගස් සමූහය.
තල
න. තට්ටුව; තලය (කඩු ආදියේ); මට්ටම් පොළොව; මූණත (කන්නාඩි ආදියේ); සොල්දොර.
තලඝාතක
න. අතුල් පහර දීම.
තලසත්තික
න. ගසන්ට අත එසවීම.
තලුණ
3. නො මේරූ; බාල වූ; මෘදු වූ; පු. තරුණයා.
තස
3. චඤ්චල වන; තැති ගන්නා.
තසති
(තස+අ) ආශා කෙරේ; තැති ගනී; පිපාසිත වේ.
තසර
න. නූල් දිග් ගසා බඳින ලීය (රෙදි විවීම පිණිස).
තසිත
3. තැති ගත්; පිපාසිත වූ.
තසිත්වා
පූ.ක්රි. තැතිගෙන.
තසිනා
ඉ. තෘෂ්ණාව.
තහං
නි. එතැන; එහි.
තහිං
නි. එතැන; එහි.
තළාක
න. පියුම් විල; විල.
ත්වං
තෝ.
ත්වයා
තා කෙරෙහි; තා විසින්.
තා
ඈලා; ඒ ස්ත්රීහු.
තාණ
න. ආරක්ෂාව; නිවණ; පිහිට; රක්ෂාස්ථානය.
තාණතා
ඉ. ආරක්ෂාව; පිහිට ඇති බව.
තාත
පු. දරුවා; පියා.
තාදිස
3. එබඳු; එවැනි.
තාදිසක
3. එබඳු; එවැනි.
තාදී
3. එවැනි; කෙලෙස් දුරු කළ; රහත් නම.
තානි
ඒවා.