බුද්ධදත්ත පාලි අකාරාදිය – 347

ධීතු

ඉ. දුව.

ධීතුපති

පු. දුවගේ සැමියා.

ධීමන්තු

3. නුවණැති.

ධීයති

(ධා+ඊ+ය) දරනු ලැ‍බේ.

ධීයමාන

3. දරනු ලබන.

ධීර

3. නුවණැති; පු. පණ්ඩිතයා.

ධීවර

පු. මසුන් මරන්නා.

ධුත

3. ඉවත් කළ; කම්පිත වූ.

ධුතඞ්ග

න. කෙලෙසුන් යටපත් කිරීම සඳහා පිළිපදින ව්‍රතය.

ධුතධර

3. ධුතඞ්ග ධරන.

ධුතවාදී

3. ධුතඞ්ග ගැන කියන්නා.

ධුත්ත

පු. නො මනා පැවතුම් ඇත්තා; සුරාදියෙහි ලොල් අය.

ධුත්තක

පු. සුරාදියෙහි ලොල් අය.
පු. නො මනා පැවතුම් ඇත්තා.

ධුත්තිකා

ඉ. සුරාදියෙහි ලොල් ස්ත්‍රිය.

ධුත්තී

ඉ. සුරාදියෙහි ලොල් ස්ත්‍රිය.

ධුනන

න. කම්පා කිරීම.

ධුනන්ත

3. සොලවන; සොලවමින්.

ධුනාති

(ධු+නා) කම්පා කරයි; විනාශ කරයි; සොලවයි.

ධුනිතබ්බ

3. කම්පාකළ යුතු.

ධුනිත්වා

පූ.ක්‍රි. කම්පා කොට.

ධුර

න. කරත්තයේ වියගස; තනතුර; වීර්යය.
3. ප්‍රධාන වූ; සමීප වූ.

ධුරගාම

පු. සමීප ගම.

ධුරන්ධර

3. තනතුර උසුළන.

ධුරනික්ඛෙප

පු. බලා‍පොරොත්තුව ‍හෝ උත්සාහය හැරදැමීම.