බුද්ධදත්ත පාලි අකාරාදිය – 513

භුඤ්ජිතුං

නි. අනුභව කරන්නට.

භුත්ත

3. අනුභව කළ.
න. කෑ‍ දෙය.

භුත්තාවී

3. අනුභව කළ අය.

භුත්වා

පූ.ක්‍රි. අනුභවකොට.

භුම්ම

3. පොළොවට අයත්; සමාසයේදී උඩු මහල් ඇති.

භුම්මට්ඨ

3. බිම සිටි හෝ පිහිටි.

භුම්මත්ථරණ

න. බිම අතුරන පලස් ලණුපැදුරු ආදිය.

භුම්මන්තර

න. වෙනස් වෙනස් භූමි.

භුසං

.ක්‍රි .වි බොහෝ සේ.

භුස්සති

(භුස+ය) බුරයි.

භුස්සන්ත

3. බුරන; බුරමින්.

භුස්සමාන

3. බුරන; බුරමින්.

භුස්සිත්වා

පූ.ක්‍රි. බුරා.

භූ

ඉ. පොළොව; භූමිය.

භූත

න. අමනුෂ්‍යයා; මහාභූත යයි කියනු ලබන මූලධාතු; සත්‍යය; සිදු වූ දෙය.
3. සිදුවූ.
පු. සත්වයා.

භූතකාය

පු. මහාභුතයන් ගෙන් හටගත් ශරීරය.

භූතගාම

පු. වෘක්ෂලතා තෘණාදිය.

භූතගාහ

පු. අමනුෂ්‍යයකු ආවේශවීම.

භූතවාදී

3. ඇත්ත කියන්නා.

භූතවෙජ්ජ

පු. යකැදුරා.

භූතික

3. මූලධාතූන්ට අයත්.

භූම

3. උඩුමහල් ඇති; භූමි ඇති.

භූමක

3. උඩුමහල් ඇති; භූමි ඇති.

භූමි

ඉ. පිහිටන තැන; පොළොව; ස්ථානය.