බුද්ධදත්ත පාලි අකාරාදිය – 53

අපරාධිත

3. අපරාධ කරනු ලැබූ.

අපරාපරිය

3. භවයෙන් භවයට නො සිඳී යන.

අපරිග්ගහිත

3. අයිතිකොට නො ගත්.

අපරිච්ඡින්න

3. වෙන් නො කළ; සීමා රහිත.

අපරිණත

3. නො පැසුණු; නො මේරූ.

අපරිපක්ක

3. නො ඉදුණු; නො පැසුණු.

අපරිමාණ

3. ප්‍රමාණයක් නැති.

අපරිමිත

3. ප්‍රමාණ රහිත.

අපලායී

පු. පලා නො යන්නා.

අපලාළෙති

(අප+ලළ+ණෙ) නළවයි; පොලඹවයි.

අපලිඛති

(අප+ලිඛ+අ) ඉරි අඳියි; පීරයි; හූරා දමයි.

අපලිබුද්ධ

3. නො තැවරුණු; පීඩා රහිත; බාධා රහිත.

අපලෙඛක

න. පිස දැමීම.

අපලෙඛන

න. හූරා දැමීම.

අපලොකන

න. අවසර ගැන්ම; බැලීම; විචාරීම.

අපලොකිත

3. අවසරගත්; බැලූ.
න. නිවන.
න. බැල්ම.

අපලොකෙති

(අප+ලොක+ණෙ) අවසරගනී; බලයි; විචාරයි.

අපවග්ග

පු. නිවන; පරිත්‍යාගය.

අපවදති

(අප+වද+අ) නින්දා කරයි; පහත් කොට කියයි.

අපවාද

පු. දොස් කීම; දෝෂාරෝපණය.

අපවිද්ධ

3. ඉවත දැමූ; වීසි කළ.

අපසක්කති

(අප+සක්ක+අ) ඉවත් වේ.

අපසක්කන

න. ඉවත් වීම.

අපසක්කිත

3. තිබුණු තැනින් සෙලවුණු.