බුද්ධදත්ත පාලි අකාරාදිය – 539

මාලුවා

ඉ. ඉති කෙහෙල් මෙන් ගස් උඩ වැවෙන වැල් වර්ගයක්.

මාලූර

පු. බෙලි ගස.

මාස

පු. මාසය; මෑ ඇට.

මාසක

පු. කළ‍ඳෙන් 20න් කොටස; මංචාඩිය; මස්ස; මසුරම.

මාසික

3. මාස් පතා සිදුවන; මාසයකට අයත්.

මාසිය

3. මාස ඇති.

මිග

පු. මුවා; මෘගයා; සිවුපාවා.

මිගජාපක

පු. මුවපැටියා.

මිගතණ්හික

ඉ. මිරිඟුදිය.

මිගදාය

පු. මුවන් ඇති කරන උයන.

මිගපොතක

පු. මුවපැටියා.

මිගමද

පු. කස්තුරි.

මිගමාතුකා

ඉ. බළලකු තරම් වූ කුර ඇති සතෙකි; මීමින්නා; මීවින්නා.

මිගලුද්දක

පු. මුව වැද්දා.

මිගව

න. මුවදඩයම.

මිගි

ඉ. මුවදෙන.

මිගින්ද

පු. මෘගයන් ගේ රජ; සිංහයා.

මිච්ඡත්ත

න. බොරු බව; මිථ්‍යාව.

මිච්ඡා

නි. අසත්‍යය; බොරුව; වරදවාගත්; සත්‍ය නොවූ.

මිච්ඡාකම්මන්ත

පු. පවිටු ක්‍රියාව; වැරදි ක්‍රියාව.

මිච්ඡාගහණ

න. වැරදි වැටහීම.

මිච්ඡාචාර

පු. වැරදි හැසිරීම.

මිච්ඡාචාරී

3. වැරදිසේ හැසිරෙන්නා.

මිච්ඡාදිට්ඨි

ඉ. වැදි අවබෝධය; වැරදි ඇදහීම.