බුද්ධදත්ත පාලි අකාරාදිය – 616

වික්ඛොභිත

3. කළඹවනු ලැබූ.

වික්ඛොභෙති

(වි+කුභ+ණෙ) අධික‍ සේ කළඹයි.

විකාර

පු. කම්පා කිරීම; වික‍ාරය; වෙනස; වෙනස් වීම.

විකාල

පු. අයොග්‍ය කාලය; හවස් වරුව හා රාත්‍රිය.

විකාලභොජන

න. ඉහ හැරුණු පසු අනුභව කිරීම.

විකාස

පු. ප්‍රබෝධය; පැතිරීම.

විකාසෙති

(වි+කස+ණෙ) පතුරුවයි; පුබුදුවයි.

විකිණ්ණ

3. විසුරුණු; විසුරුවන ලද.

විකිණ්ණකෙස

3. විසුරුවාගත් හිස කෙස් ඇති.

විකිරණ

න. විසුරු වීම.

විකිරති

(වි+කිර+අ) බිඳ හෙළයි; විසුරුවයි.

විකිරන්ත

3. විසුරුවන; විසුරුවමින්.

විකිරිත්වා

පූ.ක්‍රි. බිඳ හෙළා; විසුරුවා.

විකිරීයති

(විකිරති යන්නේ කර්ම කාරකය) බිඳ වැටේ; විසිරී යේ.

විකුණිත

3. ඇද වූ; විකාරයට පත්; හැකුළුණු.

විකුබ්බති

(වි+කර+ඔ කුබ්බ ආදේශ වේ) ඍද්ධිබල පෙන්වයි; මවා පායි.

විකුබ්බන

න. ඍද්ධියෙන් මවාපෑම.

විකූජති

(වි+කුජ+අ) නාද කරයි; හඬලයි.

විකූජන

න. නාදය (පක්ෂීන්ගේ); හැඬලීම.

විකූජිත

3. පක්ෂි නාදයෙන් පිරුණු.

විකූල

3. පහත් ඉවුරු ඇති.

විකොපන

න. කඩ කිරීම; කඩා කපා දැමීම; විකාරයට පත් කිරීම.

විකොපිත

3. කඩා දැමූ.

විකොපෙත්වා

පූ.ක්‍රි. කඩා බිඳ දමා.