බුද්ධදත්ත පාලි අකාරාදිය – 624

විඤ්ඤුප්පසත්ථ

3. උගතුන් විසින් පසස්නා ලද.

විඤ්ඤූ

පු. නුවණැත්තා; පණ්ඩිතයා.

විඤ්ඤෙය්‍ය

න. දත යුතු දෙය.
3. දත යුතු.

විටඞ්ක

පු. න. කොබෝ ගෙඩි වළල්ල (ගෙයක වහලේ කොටසකි).

විටප

පු. අත්ත; අත්තේ කරුව; අතුවලින් බසින මුල; ඇටුවම.

විටපී

පු. ගස; වෘක්ෂය.

විටභී

ඉ. වෙළප.

විටහී

ඉ. ඇටුවම.

විතක්ක

පු. කල්පනා කිරීම; විතර්කය; සිතිවිල්ල.

විතක්කන

න. සිතා බැලීම.

විතක්කිත

3. අදහස; සිතූ දෙය.

විතක්කිය

පූ.ක්‍රි. කල්පනා‍ කොට.

විතක්කෙත්වා

පූ.ක්‍රි. කල්පනා කොට.

විතක්කෙති

(වි+තක්ක+ණෙ) කල්පනා කරයි.

විතක්කෙතුං

නි. කල්පනා කරන්ට.

විතක්කෙන්ත

3. කල්පනා කරන; කල්පනා කරමින්.

විතච්ඡිකා

ඉ. කුෂ්ට විශේෂයක්.

විතච්ඡිත

3. ඇස දැමූ (සැස දැමූ); උගුළා දැමූ; මට්ටම් කළ; යතු ගාන ලද.

විතච්ඡෙති

(වි+තච්ඡ+ණෙ) ඇහැලා දමයි (සැස දමයි); උදුරා දමයි.

විතණ්ඩවාද

පු. පරලොවක් නැත යන ඇදහීම.

විතණ්ඩවාදී

3. පරලොවක් නැතැයි කියන්නා.

විතත

න. දෙමුහුණ ඇති තූර්ය භාණ්ඩය.
3. පතළ; පැතුරුණු.

විතථ

න. අසත්‍යය.
3. අසත්‍ය වූ.

විතනිත්වා

පූ.ක්‍රි. පතුරුවා.