බුද්ධදත්ත පාලි අකාරාදිය – 98
අහං
මම.
අහංකාර
පු. උඬඟු බව.
අහත
3. අලුත්; පොඩි නො කළ.
න. අලුත් වස්ත්රය.
අහහ
න. එනම් නරකය; නිරබ්බුද සීයක්; ලක්ෂයක්; නි. ඛෙද විස්මයාදිය ප්රකාශන නිපාතයක්.
අහාරිය
3. ගෙන යා නො හැකි; දුරු කළ නො හැකි.
අහි
පු. සර්පයා.
අහිංසක
3. හිංසා නො කරන.
අහිංසා
ඉ. හිංසා නො කිරීම.
අහිකුණප
න. සර්පයාගේ මළ සිරුර.
අහිගුණ්ඨික
පු. සර්පයන් අල්වන්නා.
අහිච්ඡත්තක
පු. බිම්මල; හත්ත.
අහිත
න. අවැඩ.
3. විපත් එළවන; හිතවත් නොවූ.
අහිතුණ්ඩික
පු. සර්පයන් අල්වා එයින් ජීවත් වන්නා.
අහිඵෙන
න. අබින්.
අහිරික
3. ලජ්ජා නැති.
අහිවාතකරොග
පු. මහාමාරි රෝගය.
අහිවිජ්ජා
ඉ. විෂ වෙදකම; සර්පයන් පිළිබඳ ශාස්ත්රය.
අහීනින්ද්රිය
3. නො අඩු ඉන්ද්රය ඇති.
අහුගාලිය
න. මහ සිනාව.
අහුවාසිං
වීමි.
අහෙඨන
න. හිංසා නො කිරීම.
අහෙතුක
3. කාරණයක් නැති; හේතු නැති.
අහො
නි. ඛේද නින්දා විස්මය ප්රශංසාදිය ප්රකාශ කරන නිපාතයක්.
අහොරත්ත
න. දාවල හා රාත්රිය; රෑ දාවල්.