සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 129

අම්බඵල

න. අඹපලය, අඹගෙඩිය. (පි. 97)

අම්බර

න. අහස, වස්ත්‍රය, පිළිය. (පි. 97)

අම්බරවතිය

පු. එනම් කුවෙර රාජධානිය. (පි. 97)

අම්බරුක්ඛ

පු. අඹරුක, අඹගස. (පි. 97)

අම්බලට්ඨි(කා)

ඉ. තරුණ අඹරුක. (පි. 97)

අම්බවන

න. අඹවනය, අඹඋයන. (පි. 97)

අම්බසණ්ඩ

පු. අඹකැළය, අඹගස් සමූහය. (පි. 97)

අම්බස්ත්ථර

පු. විශාලාමහනුවර රජකළ ලිච්ඡවි රජකෙනෙකි මොහු. (පි. 97)

අම්බසිඤ්චක

ති. අඹගස්වලට ජලය ඉසින. (පි. 97)

අම්බා

ඉ. වැදූ මව. (පි. 97)

අම්බාටක

පු. ඇම්බැරැල්ලාගස. (පි. 97)

අම්බිල

පු. ඇඹුල, ඇඹුල්රසය. (පි. 97)

අම්බිලඵල

න. ගිවුලු ඵලය, දිවුල්ගෙඩිය. (පි. 97)

අම්බිලවල්ලි

ඉ. ත්‍රිපර්ණිකා. (පි. 97)

අම්බිලිකා

ඉ. සියඹලා, ඇඹුලැඹිලිය, අඹ. (පි. 97)

අම්බු

න. ජලය. (පි. 97)

අම්බුචාරී

පු. ජලයෙහි හැසිරෙන්නා, මත්ස්‍යයා, දියසෙවෙල. (පි. 97)

අම්බුජ

පු. න. දියෙහි හටගත් දෙය, මත්ස්‍යයා, පියුම්. (පි. 97)

අම්බුජිනී

ඉ. පියුම්විල. (පි. 97)

අම්බුද

පු. ජලදායකයා, මෙඝය, වලාකුළ. (පි. 97)

අම්බුධර

පු. ජලය දරන්නා, මෙඝය, වලාකුළ. (පි. 97)

අම්බුවෙග

පු. ජලවේගය. (පි. 97)

අම්භො

අ. පින්වත, එම්බා, එම්බල යන අර්ථ ඇති නිපාත පදයක්. (පි. 97)

අම්මණ

න. ඔරුව, ද්‍රොණ එකොළොසක්, අමුණ. (පි. 98)