සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 130

අම්මා

ඉ. වැදූ මව. (පි. 98)

අමා

අ. සහාර්ථ, සමීපාර්ථයන්හි පවත්නා නිපාතයක්. (පි. 98)

අමාතාපුත්තික

ති. මව හා පුත්‍රයන් නොලැබිය හැකි, මවුපුතුන් ගැන නොබැලිය හැකි. (පි. 98)

අමාතික

ති. මවට අයිති නැති. මවුසතු නොවන. (පි. 98)

අමාදි

පු. ද්විතියා තත් පුරුෂ සමාසය. (පි. 98)

අමාදිපරතප්පුරිය

පු. අං ආදී ද්විතීයාන්තයන් උපපද කොට ඇති තත්පුරුෂ සමාසය. (පි. 99)

අමානුස

ති. මිනිසුන්ට අයිති නැති, මිනිසුන් පිළිබඳ නොවන, දෙවියන්ට අයත්. (පි. 99)

අමාමක

ති. (අ=න+මාමක) මාගේ නොවන, මට අයත් නැති, මමත්වය නොකරන. (පි. 99)

අමායාවී

ති. මායා නැති, මායා රහිත. (පි. 99)

අමාවසී

ඉ. රවි චන්දු දෙදෙනාගේ එකතුවීමේ දිනය, අවපසළොස්වක, මාසේපෝය දිනය. (පි. 99)

අමාවාසී

ඉ. රවි චන්දු දෙදෙනාගේ එකතුවීමේ දිනය, අවපසළොස්වක, මාසේපෝය දිනය. (පි. 99)

අමිත

ති. අපමණ, ප්‍රමාණ රහිත, ගණන් නැති. (පි. 99)

අමිත්ත

පු. අමිත්‍රයා, හතුරා, විරුද්ධකාරයා. (පි. 99)

අමිත්‍ර

පු. අමිත්‍රයා, හතුරා, විරුද්ධකාරයා. (පි. 99)

අමිතාභා

ඉ. අප්‍රමාණ ආලෝකය. (පි. 99)

අමිලාත

ති. මලාන නොවන. ඉ. කෝමාරිකා. (පි. 99)

අමිස්ස

ති. අමිශ්‍ර, ව්‍යාකුල නොවන, කලවම් නැති. (පි. 99)

අමු

ති. සම්මුඛ, අසම්මුඛ, මේ, අසවල්. (පි. 99)

අමුඛර

ති. මුඛර නොවන, රළුමුව නැති, මුකරි නොවන. (පි. 99)

අමුඛ්‍යවොහාර

පු. ශබ්දයන් ගේ අප්‍රධාන ව්‍යවහාරය, අභෙදොපචාරය, ගෞණ ව්‍යවහාරය. (පි. 99)

අමුච්ඡිත

ති. මූර්ච්ඡිත නොවූ, සිහිමුලා නොවූ. (පි. 99)

අමුත

(න+මුත) ඝාණ - ජිව්හා - කාය යන ත්‍රිවිධ ඉන්ද්‍රියයන් ගෙන් වෙනත් අරමුණ. (පි. 99)

අමුත්ත

ති. නොමිදුනු, නොගැළවුනු. (පි. 99)

අමුත්‍ර

අ. අන්තන්හි, අන්‍යභවයෙහි, අසවල් තැන යන අර්ථයන්හි. (පි. 99)