සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 128

අමතාසන

පු. (අමත+අසන) අමෘතය අනුභව කරන්නා දෙවියා. (පි. 98)

අමතොගධ

ති. (අමත+මගධ) අමෘතයට බැසගත්, අමෘතයට ඇතුළත්, නිවනට අයිති. (පි. 98)

අමථිතකප්ප

න. වජ්ජිපුත්‍රක භික්ෂූන් ඇතිකළ දශවස්තුවෙන් එකක්, කිරි බැවින් තොරවූත් දී බැවින් තොර වූ කිරත් කැප කරවාගෙන බීම කැපය යන මතය. (පි. 98)

අමනාප

ති. මන නොවඩන, සිත සතුටු නොකරන. (පි. 98)

අමනුස්ස

පු. අමනුෂ්‍යයා, යක්ෂ-භූත ආදි සත්ත්වයා. (පි. 98)

අමම

ති. මමඞ්කාර රහිත, මගේ නොවන, මමත්වයක් නැති. (පි. 98)

අමමායන

න. (නා) ඉ. (=න+මමායන(නා) මමත්වය නොකිරීම, ති. මමායන රහිත. (පි. 98)

අමයති

ක්‍රි. (අම. √ චු. රොගෙ, රොගයෙහි +ණය+ති) රුජා කරයි. (පි. 98)

අමර

පු. මරණ නැත්තා, දෙවියා, දෙව්ලොව. (පි. 98)

අමරා

ඉ. ‘ආඳා’ යයි ප්‍රකට මාලුවා. (පි. 98)

අමරාවික්ඛෙපිකවාද

පු. ලිස්සා යාම නිසා ආඳා අල්ලා ගැනීම දුෂ්කර වන්නාක් මෙන් ඒ මේ අතට පැන පැන යන වාදය. ‘ද්වාසට්ඨි දිට්ඨි’ බලනු. (පි. 98)

අමල

න. මීරන්, මිණිරන්, අභ්‍ර ති. මලරහිත, නිර්‍මල, පිරිසිදු. (පි. 98)

අමස්සුක

ති. රැවුල නැති. (පි. 98)

අම්බ

√ භු. සද්දෙ, අස්සාදෙ, තායනෙ; ශබ්දයෙහි, ආස්වාදයෙහි, රැකීමෙහි. අම්බති.
පු. අඹ, අඹගස. (පි. 97)

අම්බක

ති. කුඩා, බාල. (පි. 97)

අම්බකමද්දරී

ඉ. කුඩාකිකිළි, පැටිකිකිළි- “සෙය්‍යථාපි ආවුසො සරභ! අම්බකමද්දරී ඵුස්සකරවිතං රවිස්සාමීති අම්බකමද්දරී රවිතං යෙව රවති.” (පි. 97)

අම්බකා

ඉ. මව, යහපත් භාර්‍ය්‍යාව. (පි. 97)

අම්බට්ඨ

පු. පොක්ඛරසාති බමුණාගේ අතැවැසි ත්‍රිවෙදයෙහි පරතෙරට ගිය කෙනෙකි මොහු. (පි. 97)

අම්බට්ඨා

ඉ. දියමිත්ත. (පි. 97)

අම්බපන්ති

ඉ. අඹපෙළ, අඹගස් පඞ්ක්තිය. (පි. 97)

අම්බපාන

න. අඹපැන, පැසුණු අඹ මිරිකා පානය කිරීමට සුදුසු පරිදි කොටා ගත් අඹ යුස. (පි. 97)

අම්බපිණ්ඩි

ඉ. අඹපිඬු, අඹපෙති. (පි. 97)

අම්බපෙසිකා

ඉ. අඹපියලි, අඹකැබලි. (පි. 97)

අම්බපොතක

පු. අඹපැලය. (පි. 97)