සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 389
කිලෙසති
ක්‍රි. √ දි. කිලිස=ඉච්ඡායං කැමැති වීමෙහි +ති (කිලස+ති) නැවත නැවත කැමැති වෙයි. (පි. 253)
කිලෙසමාර
පු. කෙලෙස් මාරයා. (පි. 253)
කිලොක
√ භු. ආර්ද්රභාවයෙහි, කිලොකති. (පි. 253)
කිලොම
පු. හැඩගැසුණු කෙස්. (පි. 253)
කිලොමක
පු. දකුණු පෙනහැල්ල. (පි. 253)
කිලොසාවරණ
න. කෙලෙස්වලින් වැසීම. (පි. 253)
කිවි
√ සු. පීඩාවෙහි, කිවුණොති, කිවුණාති, පීඩා=හිංසා කෙරෙයි. (පි. 253)
කිස
√ භු. තුනී කිරීමෙහි, සනගෑමෙහි, කිසති, තුනී කෙරෙයි, සනගායි.
ති. කෘශ, කෙට්ටු, ස්වල්පය. (පි. 253)
කිසක
පු. කෘශ වූවහු, කෙට්ටු වූවහු - ‘කිස කොවදානො’ (පි. 253)
කිසලය
පු. ලාපත්, ලා කොල, දලු. (පි. 253)
කිස්ස
අ. කුමකට - “කිස්ස තුම්හෙ ආයස්මන්තො” (පි. 253)
කිස්සව
ති. නුවණින් බැහැර, අනුවණ. (පි. 253)
කිස්සස්ස
අ. කවර, කිනම් - “කිස්සස්ස එක ධම්මස්ස වධං ගොතම රොචසි” (පි. 253)
කිසොර
පු. අස් පැටවා. (පි. 253)
කී
√ කි. ද්‍රව්‍ය ගණුදෙනු කිරීමෙහි, කිණාති, විකුණයි, ගණුදෙනු කරයි. (පි. 253)
කීකස
පු. ඇසල ගස. (පි. 253)
කීචකා
ඉ. පවනින් හඬන හුණ ගස උණ ගස්වල ඇතිවන සිදුරුවලට පවන් වැදීමෙන් මහත් ශබ්ද උපදී. (පි. 253)
කීට
පු. පණුවා.
√ චු. බැඳීමෙහි, කීටෙති, කීටයති, බඳියි. (පි. 253)
කීටක
න. පණුවා නොහොත් පණුවන්. (පි. 253)
කීත
ති. විකුට ගන්නා ලද, මිලදී ගත්. (පි. 253)
කීදිස
ති. කෙබඳු, කොයි ආකාර. (පි. 253)
කීර
පු. ගිරවා. (පි. 253)
කීරිස
ති. කෙබඳු, කීදිස. (පි. 253)
කීල
පු. උල, ඇණය.
√ භු. බැඳීමෙහි, කීලති, බඳියි. (පි. 253)