සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 425

ගබ්බ

√ භු. යාමෙහි, ගබ්බති, යෙයි.
√ භු. එඩියෙහි, ගබ්බති, අහඞ්කාරවෙයි.
√ චු. එඩියෙහි, ග‍බ්බෙති, ගබ්බයති, අහඞ්කාරවෙයි. (පි. 271)

ගබ්බිත

ති. ගර්විත, එඩිය ඇත්තා. (පි. 271)

ගබ්භ

පු. දරුගැබ, බඩ, ගබඩාව, ලගිනාගෙය.
√ භු. ප්‍රගල්භයෙහි, වධයෙහි, දැරීමෙහි ගබ්භති, අහඞ්කාරවෙයි, දරයි. (පි. 271)

ගබ්භති

ක්‍රි. √ භු. ගබ්භ-පාගබ්භියෙ, ආඩම්බර වීමෙහි +ති(ගබ්භ+ති) ආඩම්බර වෙයි. (පි. 271)

ගබ්භර

න. ගල්ලෙන, මව් ගැබ, උත්සවය. (පි. 272)

ගබ්භවුට්ඨාන

න. වැදීම, ප්‍රසූතය. (පි. 272)

ගබ්භසෙය්‍යා

ඉ. ගර්‍භසයනය, ගර්භවාසය. (පි. 272)

ගබ්භාවෙක්ඛන

න. මවුකුස පිළිසිඳ ගැනීම. (පි. 272)

ගබ්භාසය

පු. ගර්‍භාසය, දලබුව, වැදෑමහ. (පි. 272)

ගබ්භිනී

ඉ. ගැබිනිය, දරුගැබ් ඇත්තී. (පි. 272)

ගබ්භොක්කන්ති

ඉ. ගර්‍භාවක්‍රාන්තිය, පිළිසිඳීම. (පි. 272)

ගම

පු. ගමන, යාම. (පි. 272)

ගමන

න. යාම, ප්‍රයානය. (පි. 272)

ගමනීය

පු. යායුතු, ගමනට සුදුසු. (පි. 272)

ගම්භිරත්ථ

පු. ගැඹුරු අරුත, ගම්භීරාර්ථය. (පි. 272)

ගම්භීර

ති. ගැඹුර, සප්තස්වරයෙහි එනම් අඞ්ගය. (පි. 272)

ගම්ම

ති. යායුතු, පැමිණියයුතු, ග්‍රාම්‍ය. (පි. 272)

ගමික

පු. ආගන්තුක නොවන්නා, නිත්‍ය වාසය ඇත්තා.
ති. ගමික, යාමට සැරසුනහු. (පි. 272)

ගමු

√ භු. යාමෙහි, ගච්ඡති, යෙයි, (ගමු=ච්ඡ+ති).
√ චු. මදක් ඉවසීමෙහි, ආපූර්වයි, ආගමෙති, ආගමයති, ඉවසයි. (පි. 272)

ගය්හ

පු. ගතයුතු, ගැනීමට නිසි. (පි. 272)

ගය්හක

පු. සිරකරුවා, සිරභාරයට ගන්නා. (පි. 272)

ගය්හති

ක්‍රි. √ භු. ගහ-උපාදානෙ ගැනීමෙහි (ගමු=ය්හ+ති) ගනී. (පි. 272)

ගය්හාකාර

පු. වැටහෙනාකාරය, ගන්නා ආකාරය. (පි. 272)

ගයා

ඉ. දඹදිව මහබෝමැඩ පිහිටි ප්‍රදේශය, බුද්ධගයා පලාත. (පි. 272)