සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 471
ජාතා
ඉ. දරුඇත්තීථ දරුලද්දී. (පි. 296)
ජාතාපච්චා
ඉ. දරුලදස්ත්රී, වැදූ තැනැත්තී. (පි. 296)
ජාති
ඉ. නිකාය, ප්රතිසන්ධිය, සමානබව, වැඳීම, වංශය, විශේෂාර්ථ, දෑසමන්, ප්රත්යයොත්පන්නයන්ගේ උත්පාද ලක්ෂණය, සමූහය, සීලය, ප්රඥප්තිය, දීර්ඝමාර්ගය. (පි. 296)
ජාතික
ති. ජාතියට අයත්, ජාතිය පිළිබඳ. (පි. 296)
ජාතික්ඛය
පු. ජාතික්ෂය, උත්පත්තිය ක්ෂය කිරීම, නිවන. (පි. 296)
ජාතිදොස
න. සාදික්කා, ජාතිඵල. (පි. 296)
ජාතිම
පු. ජාතිමත්. (පි. 296)
ජාතිවාද
පු. ජාති ගොත්රපිළිබඳ වාදය, ජාති ගොත්රයන් පිළිබඳ කථා. (පි. 297)
ජාතිසම්භෙද
පු. ජාතිගොත්රවල සිරිති බිඳීම, කුලසිරිති කිළුටුවීම. (පි. 297)
ජාතිසුමනා
ඉ. දෑසමන්, සමන් පිච්ච. (පි. 297)
ජාතු
අ. ඒකාන්තාර්ථයෙහි, අනියත කාලයෙහි, කිසිකලක. (පි. 297)
ජාන
ති. දැනගතහැකි, තේරුම්ගතහැකි. (පි. 297)
ජානක
පු. දැනගන්නා. (පි. 297)
ජානන
න. දැනීම, දැනගැන්ම, හැඳිනීම. (පි. 297)
ජානපද
න. දනව්වැසි, ජනපදයට අයත්. (පි. 297)
ජානාති
ක්රි. (ඤා √ භු. අවබොධනෙ, අවබොධයෙහි, ජා+නා+ති) දනී. (පි. 297)
ජානි
ඉ. හානිය, ජරාව. (පි. 297)
ජානිපති
පු. අඹුසැමි දෙදෙනා. (පි. 297)
ජානු
ඉ. ඌරුසන්ධිය, දණහිස, දණහිය. (පි. 297)
ජානුක
න. දණහිස, ඌරුසන්ධිය. (පි. 297)
ජාමාතු
දුවගේ හිමියා, බෑනා. (පි. 297)
ජායති
ක්රි. (ජනි √ භු. පාතුභාවෙ, පහළවීමෙහි +ති) උපදියි. (පි. 297)
ජායා
ඉ. භාර්ය්යාව, අඹුව. (පි. 297)
ජායාපති
පු. අඹුසැමි දෙදෙනා. (පි. 297)