සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 516
දීඝපිට්ටික
පු. දිග පිට ඇත්තා, සර්පයා. (පි. 320)
දීඝමාරුත
න. ඇතා. (පි. 320)
දීඝරත්ත
න. චිරකාලය, දීර්ඝකාලය, බොහෝ කල්. (පි. 321)
දීඝලොමක
පු. දිගලොම් ඇත්තා. (පි. 320)
දීඝවණ්ට
පු. දිගනැටි ඇති, තොටිලගස. (පි. 321)
දීඝසුත්ත
ති. දීර්ඝසූත්ර, ප්‍රාරබ්ධ ක්‍රියායෙහි කල් ගතකරන තැනැත්තා, දීර්ඝ ක්‍රියා ඇත්තා. (පි. 321)
දීඝායු
පු. දීර්ඝායු ඇත්තා, ජිවක නම් ගස. (පි. 321)
දීද්ධි
√ භු. දිත්තියං,දීප්තියෙහි, දීධති, බබලයි. (පි. 321)
දීධිති
පු. ඉ. රශ්මිය, හිරු රැස. (පි. 321)
දීන
ති. දිළින්දා, බැගෑපත් අය, දිළිඳු. (පි. 321)
දීනත්ත
න. දීනබව, දිළිඳු බව, බැගෑපත් බව. (පි. 321)
දීප
පු. දිවයින, ප්‍රදීපය, පහන, ප්‍රතිෂ්ඨාව, නිර්වාණය, දිවිසමින් වලඳනා ලද රථය.
පු. න. ජලයෙන් වටවූ ප්‍රදේශය, දූව, ද්වීපය, ජලය මධ්‍යයෙහි පිහිටි ගොඩබිම.
√ දි. දිත්තියං, බැබලීමෙහි, දිප්පති, බබලයි, පදීපො, දීපපූජා.
√ චු. පකාසනෙ, ප්‍රකාශයෙහි, දීපෙති, දීපයති, ප්‍රකාශ කරයි, පහළ කරයි, දීපනං, දීපතී. (පි. 321)
දීපක
පු. මුවං, සේවටු ආදීහු. (පි. 321)
දීපකර
පු. ආලෝක කරන්නා, සූර්‍ය්‍යයා, හිරු. (පි. 321)
දීපඞ්කර
පු. ආලෝක කරන්නා, එනම් බුදු රජ. (පි. 321)
දීපචවි
ඉ. ලාම්බු දැල්ල. (පි. 321)
දීපන
න. බැබලීම, දැන්වීම, ප්‍රකාශය. (පි. 321)
දීපරුක්ඛ
න. ලාම්පුගස, ලාම්පු කණුව, ඉටිපන්දම් ගසන උපකරණය. (පි. 321)
දීපසිඛා
ඉ. ගිනිදල්ල, ගිනිසිළුව. (පි. 321)
දීපාලය
න. විශ්‍රාම ගන්නා තැන, විසුම්හල. (පි. 321)
දීපාලොක
න. පහන් ආලෝකය. (පි. 321)
දීපි
පු. දිවියා, කොටියා. (පි. 321)
දීපික
පු. දිවියා, කොටියා. (පි. 321)
දීපිකා
ඉ. ගිනිසුල, දීප්තිය. (පි. 321)