සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 551
නිබ්බාණ
න. නිවීම, නිර්වාණය. (පි. 339)
නිබ්බාන
න. නිවීම. (පි. 339)
නිබ්බාපිත
පු. නිවනලද. (පි. 339)
නිබ්බාපෙති
ක්රි. (√ භු. වහ, පාපුණනෙ, පැමිණවීමෙහි, නි+වහ+ණාපෙ+ති) පමුණුවයි, නිවයි. (පි. 339)
නිබ්බිකාර
පු. විකාර රහිත. (පි. 339)
නිබ්බිජ්ඣන
න. කලකිරීම. (පි. 339)
නිබ්බිඨා
ඉ. විනිවිදගිය වීථිය. (පි. 339)
නිබ්බිතිකිච්ඡා
ඉ. විචිකිච්ඡා රහිත, විචිකිච්ඡා නැති. (පි. 339)
නිබ්බිදරච්ඡා
ඉ. විනිවිද නොගිය වීථිය. (පි. 339)
නිබ්බිදාන
න. කළකිරීම. (පි. 339)
නිබ්බිදානුපස්සි
පු. කලකිරීම අනුව බලන සුළුවුයේ. (පි. 339)
නිබ්බින්දති
ක්රි. (√ භු. විද, ඤාණෙ, නුවණෙහි, නි+විද+ති) කලකිරෙයි. (පි. 339)
නිබ්බින්න
පු. කලකිරුණු. (පි. 339)
නිබ්බිරිය
න. වීර්ය්ය රහිත, උත්සාහ නැති. (පි. 339)
නිබ්බිස
ති. විෂ නැති. (පි. 339)
නිබ්බිසය
ති. ගෙයක් නැති, නෙරපන ලද. (පි. 339)
නිබ්බිසෙවන
න. ශාන්ත, සුසීල. (පි. 339)
නිබ්බිසෙස
ති. විශේෂ රහිත, වෙනස්නැති. (පි. 339)
නිබ්බුජ්ජති
ක්රි. (√ චු. බුජි, සද්දෙ, ශබ්දයෙහි, නි+වුජි+ති) ගිලෙයි. (පි. 339)
නිබ්බුත
න. නිවන, නිවීගිය. (පි. 339)
නිබ්බුති
ඉ. සිත්සතුට, නිර්වානය, නිවීම. (පි. 339)
නිබ්බුද්ධ
න. මල්ලව යුද්ධය, හේවා යුද්ධය. (පි. 339)
නිබ්බෙජනීය
පු. උකටලී විය යුතු. (පි. 339)
නිබ්බෙඨන
න. වෙලූහැරීම, පැටලුම් හැරීම. (පි. 339)