සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 553

නිම්මථනදාරු

න. ගිණි ගාන දණ්ඩ. (පි. 340)

නිම්මද

පු. මද රහිත. (පි. 340)

නිම්මදන

න. යටත් කිරීම, පරාජය කිරීම. (පි. 340)

නිම්මල

න. නිර්‍මල, මලරහිත, පිරිසිදු, නිමල. (පි. 340)

නිම්මාතක

පු. මව්නැති. (පි. 340)

නිම්මාන

න. නිර්‍මාණය, සැදීම, මැවීම. (පි. 340)

නිම්මානරති

ඉ. එනම් දිව්‍ය ලෝකය. (පි. 340)

නිම්මිත

පු. නිර්මිත, සාදනලද, මවනලද. (පි. 340)

නිම්මිනාති

ක්‍රි. (√ සු. මි මානෙ, මිණීමෙහි, නි+මි+ති) මණියි. (පි. 340)

නිම්මීලෙති

ක්‍රි. (√ චු. මීල, නිමෙසනෙ, ඇස්පිය ගැසීමෙහි, නි+මිල+ණෙ+ති) ඇස් වසයි. (පි. 340)

නිම්මුල

න. මුල් රහිත. (පි. 340)

නිම්මොක

පු. සර්‍ප සැවය. (පි. 340)

නිමිඝ

න. ඇස්වැසීම, ඇසිපිය ගැසීම. (පි. 339)

නිමිඝති

ක්‍රි. (√ භු. මිස, සද්දෙ, ශබ්දයෙහි, නි+මිස+ති) ඇස්පිය ගසයි. (පි. 339)

නිමිත්ත

න. හේතුව, ස්ත්‍රී පුරුෂ නිමිති, චිහ්නය, සලකුණ, නිමිති ශාස්ත්‍රය. (පි. 339)

නිමීලන

න. ඇස් පිය හෙලීම. (පි. 339)

නිමුග්ග

ති. ගැලුනු, ගිලුනු. (පි. 339)

නිමුජ්ජති

ක්‍රි. (√ භු. මුජ්ජ, ඔසීදනෙ, යටට ගිලීමෙහි, නි+මුජ්ජ+ති) ගිලෙයි. (පි. 339)

නිමුජ්ජන

න. ගැලී, ගිලීම. (පි. 340)

නිමෙස

පු. ඇසිපිය ගැසීම, ඇසිපිය හෙලීම. (පි. 340)

නිමොක්ඛ

පු. නිමොක්ෂය, කෙලෙසුන්ගෙන් මිදීම. (පි. 340)

නියක

පු. ස්වකීය, තමාට අයත්. (පි. 340)

නියත

න. එකාන්ත, නියමය. (පි. 340)

නියති

ඉ. දෛවය. (පි. 340)