සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 554

නියන්තු

පු. රථාචාර්‍ය්‍යයා, රියදුරා. (පි. 340)

නියම

පු. නිශ්චය, ප්‍රතිඥාව, වෘතය. (පි. 340)

නියමෙති

ක්‍රි. (√ භු. යමු, උපරමෙ, ඇලීමෙහි,+ණ+ති) සවිකරයි. (පි. 340)

නියස්සකම්ම

න. එනම් විනය කර්‍මය. (පි. 340)

නියාම

පු. නියමය. (පි. 340)

නියාමක

පු. නියමුවා, රථපදවන්නා, නැව් පදවන්නා. (පි. 340)

නියාමතා

ඉ. නියම බව. (පි. 340)

නියුජ්ජති

ක්‍රි. (√ භු. යුජ, යොගෙ, යෙදීමෙහි +ති) සුදුසු වෙයි. (පි. 340)

නියුත

න. දස දහස, අයුත බලනු. (පි. 340)

නියුත්ත

ති. යෙදුනු, යුක්ත. (පි. 340)

නියුර

පු. වලල්ල. (පි. 340)

නියොග

පු. නියෝගය, නියමය. (පි. 340)

නියොජන

න. නියෝගය, නියමය. (පි. 340)

නියොජෙති

ක්‍රි. (√ භු. යුජ, යොගෙ, යෙදීමෙහි, නි+යුජ+ණෙ+ති) යොදවයි. (පි. 340)

නිරග්ගල

න. නිරවුල් දෙය.
පු. එනම් මහා යාගය. (පි. 340)

නිරජ්ජති

ක්‍රි. (√ භු. රජී, විජන්ධනෙ, විඳීමෙහි, නි+රජ+ති) පිටතයයි. (පි. 340)

නිරත

පු. ඇලීම. (පි. 340)

නිරත්ත

ඉ. නොවැලුනු. (පි. 340)

නිරත්ථ

පු. අර්ථ රහිත, නිශ්ඵල. (පි. 340)

නිරත්ථක

න. නිශ්ප්‍රයෝජන, අපල. (පි. 340)

නිරද්දම

පු. නිර්‍ගම, බැහැරවීම. (පි. 340)

නිරන්තර

න. නිරතුරු, අතරක් නැති. (පි. 340)

නිරප

පු. නිරයපාලයා. (පි. 340)

නිරපරාධ

පු. අපරාධ රහිත, නිදොස්. (පි. 340)