සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 650

පිණ්ඩක

පු. තුරුක් තෙල්, පිඩුදෙන්නා. (පි. 386)

පිණ්ඩන

න. පිඩු කිරීම, සම්පිණ්ඩනය. (පි. 386)

පිණ්ඩපාත

පු. පිඬු ලැබීම, ආහාර ලැබීම. (පි. 386)

පිණ්ඩපාති

ති. පිඬු සිඟාලබන්නා. (පි. 386)

පිණ්ඩපාතික

පු. පිණ්ඩපාතය ලබන්නා. (පි. 386)

පිණ්ඩපාතිකාඞ්ඟ

න. පිඬු සිඟා වැළඳීමෙන් රකින අඞ්ගයක්, තෙලෙස් ධූතාංගයෙන් එකක්. (පි. 386)

පිණ්ඩි

ඉ. පිඬ, බත් පිඬ.
√ චු. නින්දායං, නින්දාකිරීමෙහි, පණ්ඩෙති, පණ්ඩයති, උප්පෙණ්ඩෙති, උප්පණ්ඩයති, ගරහයි, බණියි. (පි. 386)

පිණ්ඩික

පු. පිඬු ඇත්තා, පිණ්ඩදායකයා. (පි. 386)

පිණ්ඩිකා

ඉ. රථනැබ, රථයෙහි බොස්ගෙඩිය. (පි. 386)

පිණ්ඩිත

ති. පිඬුකළ, සමුච්චය කළ, පුඩු කළ. (පි. 386)

පිණ්ඩියාලොප

න. පිඬු පිණිස හැසිරීමෙන් ලබන ලද අලොපා, පිණ්ඩපාතාහාරය. (පි. 386)

පිණ්ඩෙති

ක්‍රි. (√ චු. පිඩිම් සංසානෙ, රැස්වීමෙහි +ණෙ+ති), පිඬු කරයි- (පි. 386)

පිණ්ඩොල

පු. එනම් ඇත්තා. (පි. 386)

පිත්ත

න. පිත, ශරීරගත පිත. (පි. 386)

පිත්තසමුඨාන

න. පිතින් උපන්, පිත් කෝපයෙන් සෑදුණු. (පි. 386)

පිත්තික

න. පියා සතු, පියා පිළිබඳ. (පි. 386)

පිත්තිවිසය

ප්‍රේත විෂය, ප්‍රේතාත්මභාවය. (පි. 387)

පිතා

පු. පියා, බ්‍රහ්මයා. (පි. 386)

පිතාමහා

පු. මුත්තා, ආතාගේ පියා, මහබඹා. (පි. 386)

පිතික

පු. පියා අයත්, පියා සන්තක. (පි. 386)

පිතු

පු. පියා, බ්‍රහ්මයා. (පි. 386)

පිතුච්ඡා

ඉ. නැන්දා, පියාගේ සහොදරී. (පි. 386)

පිතුවන

න. සොහොන, පිනවන. (පි. 386)

පිථියති

ක්‍රි. (√ භු. ථි. සංසානෙ, නැසීමෙහි +ති), වසනු ලැබෙයි. (පි. 387)