සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 674

බලිවද්ද

පු. බලිවර්දයා, ගොනා, වෘෂභයා. (පි. 399)

බලිස

න. බිලිය, බිලිකොක්ක. (පි. 399)

බලිසමංසික

න. බිලියෙන් ඇද ඇද ඇඟමස් කඩන වධයක්, දෙතිස් වධයෙන් එකක්. (පි. 399)

බලීයති

ක්‍රි. (√ භු. බල, ගහණෙ, ජීවත්වීමෙහි +ති), බල ඇත්තේ වේ. (පි. 399)

බහ

√ භු. වුද්ධියං, වැඩීමෙහි, බහති, වැඩෙයි.
√ භු. සද්දෙ, ශබ්දයෙහි, බහති, ශබ්ද කෙරෙයි. (පි. 399)

බහති

ක්‍රි. (√ භු. බහ, වුද්ධියං, වැඩීමෙහි +ති බහ+ති), ශබ්ද කරයි, වැඩෙයි. (පි. 399)

බහල

න. ඝන, ඝනකම, ගනකම, බහලභාවය. (පි. 399)

බහලත්ත

න. ඝනභාවය, ඝනකම් බව, බහල භාවය. (පි. 399)

බහි

අ. බැහැර, පිටත යනාර්ථයෙහි. (පි. 399)

බහිට්ඨ

න. හිරිවේරිය, ඉරිවේරිය. (පි. 399)

බහිද්ධා

අ. බැහැර, පිටත, ඉවත. (පි. 399)

බහිද්වාර

න. බිහිදොර, දොරින් පිටත. (පි. 399)

බහු

√ භු. ගණනෙ, ගිණීමෙහි.
ති. බහුලාර්ථයෙහි, බොහෝ, වැඩිපුර. (පි. 399)

බහුක

ති. බොහෝ,අධික, වැඩිපුර. (පි. 399)

බහුකම්ම

පු. සර්වඥයන් වහන්සේ. (පි. 399)

බහුක්ඛත්තුං

අ. බොහෝවර, බොහෝවාරවල. (පි. 399)

බහුකිච්ච

පු. බොහෝ කටයුතු, අධික කටයුතු දේ. (පි. 399)

බහුජන

පු. බොහෝ ජනයා, මහජනයා, බොහෝ දෙනා. (පි. 399)

බහුතර

ති. අති බහුල, ඉතා, බොහෝ. (පි. 399)

බහුත්ත

න. බහුලත්වය, බොහෝබව. (පි. 399)

බහුධා

අ. බොහෝ පරිද්දෙන්, බොහෝ සෙයින්. (පි. 399)

බහුප්පාද

පු. බොහෝ පාද ඇත්තා, බොහෝ කකුල් ඇත්තා. (පි. 399)

බහුභෙද

ති. මිශ්‍රදෙය, නොයෙක් ප්‍රභේද ඇති. (පි. 399)

බහුරූප

පු. දුම්මල, අනෙකරූප. (පි. 399)