සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 695

භූකුටි

ඉ. බැම බිඳීම, රවා බැලීම. (පි. 410)

භූජික

පු. සර්‍පයා. (පි. 410)

භූත

ති. අතීත, උත්පන්න, ප්‍රාප්ත, සදෘශ, ලද දෙය යන මෙහි.
න. වෘක්ෂ ලතාදිය, විද්‍යමාන, රහත්, ස්කන්ධ පඤ්චකය, සත්වයා, සතරමහා භූත, අමනුෂ්‍ය, කාම ක්ලේශයන්ගෙන් උපන්. (පි. 410)

භූත ධරා

ඉ. පෘථිවිය, පොළව. (පි. 410)

භූත විකිච්ඡා

ඉ. අමනුෂ්‍ය රෝගයට පිළියම්, දොල බිලි පිදවිලි ආදිය දීම. (පි. 410)

භූත විජ්ජා

ඉ. යකුන් කැඳවීම් ප්‍ර‍ලය කරවීම් ආදිය කරන්නාවූ භූත විද්‍යාව, අමනුෂ්‍ය ප්‍ර‍තිකාරාදිය. (පි. 411)

භූතනක

පු. සුවඳ තණ, සැවැන්දරා. (පි. 410)

භූතපති

පු. ශුක්‍ර‍යා, සිකුරා. (පි. 410)

භූතපුබ්බ

පු. පෙරවූ දෙය, අතීතයෙහි සිදු වූ දෙය. (පි. 410)

භූතවාස

පු. අමනුෂ්‍ය වාසය, බුළු ගස. (පි. 411)

භූති

ඉ. උත්පත්තිය, සම්පත්තිය, ඉපදීම, ඓශ්චර්‍ය්‍යය (පි. 411)

භූතික

පු. භූතයන්ට අයත්, භූතයන් පිළිබඳ. (පි. 411)

භූතිණ

න. ගන්ධ මෙඬක නම් සුවඳ, සුවඳ තණ විශේෂයක්. (පි. 411)

භූතිණක

පු. භූතිණ. (පි. 411)

භූතෙස

පු. භූතාධිපතියා, ඊශ්වරයා. (පි. 411)

භූදර

පු. පර්‍වතය. (පි. 411)

භූනාථ

පු. පොළොවට අධිපතියා, රජු. (පි. 411)

භූපාල

පු. භූනාථ, බුවිපල්. (පි. 411)

භූම

පු. මහල් ගෙවල්, සොල්දර තට්ටු ගෙවල්. (පි. 411)

භූමක

පු. මහල්, මාල්, භූමියට අයිති. (පි. 411)

භූමි

ඉ. බිම, පෘථිවිය, ස්ථානය, පවත්නා තැන. (පි. 411)

භූමිකම්ම

න. භූරිවිද්‍යා පරිදි ප්‍රයොගකිරීම, ගෙබිම් බැලීම. (පි. 411)

භූමිප

පු. භූපාලයා, රජු. (පි. 411)

භූරි

ඉ. පෘථිවිය, ප්‍ර‍ඥාව.
ඉ. බොහෝ, බොහෝ දෙය. (පි. 411)