සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 725

මිලෙට

√ භු. උම්මාදෙ, උමතුවෙහි, මිලෙටති, උමතුවෙයි; පිස්සුවෙයි. (පි. 425)

මිස

√ භු. සද්දෙකොධෙව, ශබ්දයෙහි හා ක්‍රෝධයෙහි, මෙසති, ශබ්ද කෙරෙයි, ක්‍රෝධ කෙරෙයි. (පි. 425)

මිස්ස

√ චු. පූජායං, පිදීමෙහි, මිස්සෙති, මිස්සයති, පුදයි.
√ චු. මිස්සනෙ, මිශ්‍ර‍කිරීමෙහි, මිස්සෙති, මිස්සයති, මුසුකරයි, මිශ්‍ර‍ කරයි.
පු. මිශ්‍ර‍, හාමු, කලවන්. (පි. 425)

මිස්සක

පු. න. මිශ්‍ර‍කළ, ශක්‍ර‍යාගේ උයන, මිහින්තලයෙහි පිහිටි එනම් පර්‍වතය. (පි. 425)

මිස්සකෙස

පු. ගැටගැසුණු කෙස් ඇත්තා, හැඩපළු ඇති කෙස්වලින් යුත් තැනැත්තා. (පි. 425)

මිස්සන

න. මිශ්‍ර‍වන, මිශ්‍ර‍ය. (පි. 425)

මිස්සිත

ති. මිශ්‍ර‍කරණ ලද, කලවන්වන ලද. (පි. 425)

මිස්සෙති

ක්‍රි. (√ චු. මිස්සනෙ, මිශ්‍ර‍කිරීමෙහි +ණෙ+ති) මිශ්‍ර‍ කෙරේ. (පි. 425)

මිසු

√ භු. සෙවනෙ, ඉසීමෙහි, මෙසති, ඉසයි. (පි. 425)

මිහ

√ භු. තෙමනෙ, තෙමීමෙහි, මිහති, තෙමයි, උම්මිහති, මෙහෙ. (පි. 425)

මිහිත

තෙමන ලද, තෙත්කළ. (පි. 425)

මීඪ

පු. පිළ, කයියෝරුව. (පි. 426)

මීන

පු. මත්ස්‍යයා, මීන රාශිය. (පි. 426)

මීනකෙතන

පු. අනඞ්ගයා, මරධ්වජයා (පි. 426)

මීයති

ක්‍රි. (√ දි. මී. හිංසායං, හිංසාවෙහි +ති) මැරෙයි. (පි. 426)

මීය්‍යති

ක්‍රි. (√ භු. මර, පාණවාගෙ, ප්‍රාණත්‍යාගයෙහි +ති) මැරෙයි. (පි. 425)

මීය්‍යමාන

පු. මැරෙණ, මැරෙනු ලබන. (පි. 425)

මීල

√ භු. නිමීලනෙ, ඇස පියවීමෙහි, මිලති, ඇස පියයි, උම්මිලනං, නිමීලනං
√ චු. මීලනෙ, ඇස නොදැල්වීමෙහි, මීලෙති, මීලයති, ඇසපිය නොගසයි. (පි. 426)

මීලති

ක්‍රි. (√ චු. මීල, මීලනෙ, ඇසපිය ගැසීමෙහි +ති) ඇසිපිය ගසයි. (පි. 426)

මීළ්හ

න. අසුචිය, ගූථය (පි. 426)

මු

√ භු. බන්ධනෙ, බැඳීමෙහි, මුවති, බඳියි.
√ ක්‍රි. බන්ධනෙ, බැඳීමෙහි, මුණති, බඳියි. (පි. 426)

මුක්ක

පටි මුක්ක. (පි. 426)

මුකුර

පු. කැඩපත, ආදර්‍ශය. (පි. 426)

මුකුල

ති. මූකළ කැකුළ, මේරු මල්කැකුළ (පි. 426)