සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 726
මුඛ
න. මුහුණ, කට; උපාය, ආදිය, උදුන, මාර්ගය, ප්‍රධාන.
ති. මුඛ්‍ය උතුම්දෙය, ප්‍රධාන. (පි. 426)
මුඛදුග්ග
පු. න. නපුරු මුව ඇත්තා, අභූතවාදියා. (පි. 426)
මුඛදෙණ්ඩිම
පු. දෙකපෝලයෙහි බෙරගැසීම, වාතයෙන් දෙකපොල පුරවා එහි බෙර ගැසීම. (පි. 426)
මුඛඵුල්ල
න. මුඛාලඞ්කාර කරන ස්වර්ණමය ආභරණ විශේෂයක්, මුවසරසන ආබරණයක්. (පි. 426)
මුඛර
පු. රළුවචන ඇත්තා, අප්‍රිය වාදියා, මුකරියා (මුඛ+ඛර) (පි. 426)
මුඛරතා
ඉ. මුඛර බව, මුකරි බව. (පි. 426)
මුඛවලිමක
පු. තොල්හි දිව පිහිටුවා ශබ්ද කිරීම=උරුසන්බෑම=සිවුරුසන් බෑම=එළුසන් බෑම. (පි. 426)
මුඛසඤ්ඤත
න. මුඛයෙන් සංයත ඇතිවීම, වාක්ද්වාරය රැක ගැනීම. (පි. 426)
මුඛසත්තී
ඉ. වචන ශස්ත්‍රය, රළු වචන. (පි. 426)
මුඛහෙරී
ඉ. කට බෙර ගැසීම, මුඛය විවෘත කොට ශබ්ද නගින පරිදි අතින් මුඛයට ගැසීම. (පි. 426)
මුඛ්‍ය
ති. ප්රමුඛ, ප්‍රධාන, උතුම්. (පි. 426)
මුඛාඨාන
න. මුව වළල්ල, කටකලියාව. (පි. 426)
මුඛාලම්බර
පු. මුඛයෙහි පනාබෙර ගැසීම. (පි. 426)
මුග්ග
න. මුං, මුං ඇට. (පි. 426)
මුග්ග සූප
මුං ඇට මාලුව. (පි. 426)
මුග්ගතිය
න. මුං වර්ගයක්. (පි. 426)
මුග්ගර
පු. මුගුර, පොල්ල. (පි. 426)
මුග්ගසුප්යතා
ඉ. මුං ව්‍යඤ්ජනය වැනි ස්වභාවය මුං ව්‍යඤ්ජනය වැනි කථා (එබඳු ව්‍යඤ්ජනයක වූ ඇට සියල්ලම තැම්බෙන්නෙ නෑ. එවැනි කථා ඇත්තාගේ වචනවල බොරු ද ඇත.) (පි. 426)
මුඞ්ගුස
පු. මුගටියා (පි. 426)
මුච
√ රු. මොචනෙ, මිදීමෙහි, මුඤ්චති, මිදෙයි.
√ චු. මොචනෙ, මිදීමෙහි, මොචෙති මොචයති=මුදයි.
√ දි. මොචනෙ, මිදීමෙහි, මුච්චති, මිදේ.
√ දි. මොචනෙ, මිදීමෙහි, මුඤ්චති, මිදෙයි. (පි. 426)
මුචලින්ද
පු. මිදෙල්ල ගස (පි. 426)
මුච්ඡ
√ ති. මුච්ඡනෙ, මුළාවෙහි, මුච්ඡති, මුළාවෙයි, මූර්ඡාවෙයි. (පි. 426)
මුච්ඡති
ක්‍රි. (√ කි. මුච්ඡ, මුච්ඡනෙ මුළාවෙහි +ති) මුලා වෙයි. සිහි මුළාවෙයි. (පි. 426)
මුච්ඡන
න. මුර්ඡාව, මුළාවීම. (පි. 426)