සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 727

මුච්ඡනා

මූර්ඡාව, මුළාව. (පි. 426)

මුච්ඡික

ති. මූර්ඡාවන ලද, මුළාවන ලද. (පි. 426)

මුචි

√ භු. මජ්ජනෙ, ඇඟ ඉලීමෙහි, මුඤ්චති. ඇඟ උලයි. (පි. 426)

මුජ්ජ

√ භු. නිමුජ්ජනෙ, ගැලීමෙහි, කිමිදීමෙහි මුජ්ජති, ගැලේ, කිමිදියි, නිමග්න වෙයි. (පි. 426)

මුජ්ජති

ක්‍රි. (√ භු. මුජ්ජ, මුජ්ජනෙ, ගැලීමෙහි +ති) ගැලෙයි. උමමුජ්ජති, නිමුජ්ජති. (පි. 426)

මුඤ්ච

√ භු. මිදීමෙහි, මුඤ්චති, මුදයි, මොචනය කරයි. (පි. 427)

මුඤ්චති

ක්‍රි. (√ භු. මුඤ්ච, මුඤ්චනෙ, මිදීමෙහි +ති) මුදයි. (පි. 427)

මුඤ්චන

න. මිදීම, මොක්ෂය. (පි. 427)

මුඤ්චනක

පු. මිදීම, මුදන්නා, මොක්ෂය. (පි. 427)

මුඤ්ජ

පු. මුදු තණ, මත්ස්‍ය විශේෂයක්. (පි. 427)

මුට

√ භු. ආක්ඛෙපෙ, ආක්ෂෙපයෙහි, මුටති අතපයාදිය හෙලයි, දිගු කරයි.
√ භු. මද්දනෙ, මැඩීමෙහි, පෑගීමෙහි, මොටති, මඩියි. (පි. 427)

මුට්ට

√ චු. චුණ්ණෙ, සුණු කිරීමෙහි, මොටෙති මොටයති, සුණු කරයි, චූර්‍ණකරයි. (පි. 427)

මුට්ඨ

ති. මුළාව, සිහි නැතිවීම. (පි. 427)

මුට්ඨසම්ම

න. මුලා සිහිය, සිහි මුළාව. (පි. 427)

මුට්ඨස්සති

ඉ. මුලාසිහිය, මුලාසිහි ඇත්තා (පි. 427)

මුට්ඨි

පු. ඉ. මිටිය, කඹුරුමිටිය, ඇඟිලිවකුටු කිරීම වූ මිට. (පි. 427)

මුට්ඨික

න. මිටට අයත්, මිට. (පි. 427)

මුඩි

√ භු. ඡෙදනෙ, සිඳීමෙහි, මුණ්ඩති, සිඳියි. (පි. 427)

මුණ

√ කි. ඤාණෙ, දැණීමෙහි, මුණති, දනී.
√ භු. ඤාණෙ, දැණීමෙහි, මුණති, දනී. (පි. 427)

මුණ්ඩ

පු. මුඩා, මුඩුහිස ඇත්තා, හිසකෙස් නැත්තා, තට්ටයා. (පි. 427)

මුණ්ඩක

පු. මුඩා, මුඩුහිස ඇත්තා. (පි. 427)

මුණ්ඩච්ඡද්ද

පු. සදලු සහිත ගෙය, චන්ද්‍රිකා ශාලා සහිත ගෙය. (පි. 427)

මුණ්ඩන

න. මුඩුකිරීම, කෙස්ලොම් ආදිය කපා මුඩු කිරීම. (පි. 427)

මුණ්ඩපබ්බත

පු. මුඩු පර්‍වතය, ගස්වැල් ආදිය රහිත පර්‍වතය. (පි. 427)