සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 758

රුජත

පු. වීණාවාදකය, නලා පිඹින්නා. (පි. 443)

රුජති

ක්‍රි. (√ චු. රුජ, රොගෙ, රොගයෙහි +ති) රිදෙයි, රොග කරයි. (පි. 443)

රුජන

න. රිදීම, රුදාගැහීම. (පි. 443)

රුජා

ඉ. රිදීම, රෝගය, වේදනාව. (පි. 443)

රුට

√ භු. නාසෙ, නැසීමෙහි, රොටති, නසයි. (පි. 443)

රුට්ඨ

ති. වෙදනාකළ, තරහ ඇවිස්සු. (පි. 443)

රුටි

√ භු. චොරෙ, සොරකමෙහි, රුණ්ටති, සොරකම් කරයි. (පි. 443)

රුඨ

√ භු. තාඩනෙ, තැළීමෙහි, රොඨති, තළයි. (පි. 443)

රුඨති

ක්‍රි. (√ භු. රුඨ, උපඝාතෙ, නැසීමෙහි +ති) තළයි. (පි. 443)

රුණ

අ. රුණ් යන අනුකරණ ශබ්දය, බර වැටීමක්. (පි. 443)

රුණ්ණ

න. රොදනය, හැඬීම. (පි. 443)

රුත

න. ශබ්දය, නාදය. (පි. 443)

රුදති

ක්‍රි. (√ භු. රුද, අස්සු, විමොචනෙ, කඳුළු වැගිරීමෙහි +ති) හඬයි, අඬයි. (පි. 443)

රුද්ද

න. රෞද්‍ර‍, විරුද්ධ, එනම් නාට්‍යරසය. (පි. 443)

රුද්ධ

ති. අවුරණ ලද, වටකළ. (පි. 443)

රුදි

√ භු. කඳුළු හෙලීමෙහි, රුදති, රොදති, හඬයි. (පි. 443)

රුදිත

ති. හඬන ලද, අස්සු විමොචනය කළ. (පි. 443)

රුධ

√ සු. නිප්ඵාදනෙ, නිපදවීමෙහි, රාධුණාති, නිපදවයි. (පි. 443)

රුධි

√ දි. ආවරණෙ, ආවරණය කිරීමෙහි, රුජ්ඣති, ආවරණය කරයි, විරුජ්ඣති.
√ රු. ආවරණෙ, ආවරණය කිරීමෙහි, රුන්ධති, වසයි. (පි. 443)

රුන්ධති

ක්‍රි. (√ රු. රුධි, ආවරණෙ, ඇවිරීමෙහි +ති) ආවරණය කරයි. (පි. 443)

රුප

√ දි. පීඩායං, පීඩාවෙහි, රුප්පති, පීඩා වෙයි.
√ චු. රොපනෙ, රොපනය කිරීමෙහි, රොපෙති, රොපයති, රොපනය කරයි. (පි. 444)

රුප්ප

√ භු. නාසෙ, නැසීමෙහි, රුප්පති, නැසෙයි. (පි. 443)

රුප්පති

ක්‍රි. (√ භු. රුප, නාසෙ, නැසීමෙහි +ති) නසයි. (පි. 443)

රුප්පන

න. නැසීම, විනාශය. (පි. 444)