සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 800

වානය

පු. මී ගස. (පි. 464)

වානර

පු. වඳුරා, රිලවා. (පි. 464)

වානීර

පු. හොඹුවගු. (පි. 464)

වානෙය්‍ය

පු. දසපූර. (පි. 464)

වාප්ප

න. කොට්ටම්. (පි. 464)

වාපිත

ති. වපුරණ ලද, ධාන්‍ය ඉසින ලද. (පි. 464)

වාපී

ඉ. වැව, විල, තඩාගය. (පි. 464)

වාම

ති. වම්පස, විරුද්ධ, යහපත. (පි. 464)

වාමක

පු. එනම් වෙදකතෘ සෘෂියා. (පි. 464)

වාමත්තති

ක්‍රි. පෙරළයි, පරිවර්‍තනය කරයි. (පි. 465)

වාමදෙව

පු. එනම් සෘෂියා, ඊශ්වරයා. (පි. 464)

වාමන

ති. ලුහුඬු දෙය.
පු. දිගැත්හු, කුරා. (පි. 464)

වාමනක

පු. මිට්ටා, වාමනයා. (පි. 464)

වාමී

ඉ. වෙළඹ. (පි. 464)

වාය

පු. වාතය, සුළඟ. (පි. 464)

වායත

න. විවීම, ගෙතීම. (පි. 464)

වායත දණ්ඩ

පු. වේමය, පිළිවියන දණ්ඩ. (පි. 464)

වායති

ක්‍රි. (√ භු. වා, ගතියං, ගමන්හි +ති) හමයි, විහිදෙයි. (පි. 464)

වායමති

ක්‍රි. (√ භු. වායම, ඊ හායං, වෑයමෙහි +ති) වෑයම් කරයි, වීර්‍ය්‍ය කරයි. (පි. 464)

වායමන

න. වෑයම් කිරීම, උත්සාහ කිරීම. (පි. 464)

වායමිත

ති. වෑයම්කළ, උත්සාහ කළ. (පි. 464)

වායස

පු. කවුඩා, කපුටා. (පි. 464)

වායසවිජ්ජා

ඉ. කපුටු ශාස්ත්‍ර‍ය (පි. 464)

වායාම

පු. වීර්‍ය්‍යය, ආයාසය. (පි. 464)