සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 810

විජ්ජාධර

පු. විද්‍යාව දරන්නා, එනම් දේව විශේෂය, විද්‍යාබලයෙන් සෘද්ධිකරණ තාපස කොටසක්. (පි. 468)

විජ්ජාභාගිය

පු. විද්‍යාව භජනය කරන, විද්‍යා කොටස්වලට අයිති. (පි. 468)

විජ්ජාමය

පු. විද්‍යාමය, විද්‍යාවෙන් උපන්, විද්‍යාවෙන් හටගත්. (පි. 468)

විජ්ජාවිමුත්ති

ඉ. විද්‍යාව හා විමුක්තිය. (පි. 468)

විජ්ජු

ඉ. විදුලිය. (පි. 468)

විජ්ජුතා

ඉ. විදුලිය. (පි. 468)

විජ්ජුලට්ඨි

ඉ. වර්‍ෂාව රහිතව පවත්නා විදුලිය. (පි. 468)

විජ්ජුල්ලතා

ඉ. විදුලිය. (පි. 468)

විජ්ජොතති

ක්‍රි. (√ දි. විජි, තෙජනෙ, බැබලීමෙහි +ති) බබලයි. (පි. 468)

විජ්ජොතලති

ක්‍රි. කඩු කරකවයි, කඩුහරඹ කරයි. (පි. 468)

විජ්ජොතලන

න. කඩු කරකවන, කඩු හරඹ කරන. (පි. 468)

විජ්ඣති

ක්‍රි. (√ දි. විධ, තාලනෙ, තැලීමෙහි +ති) විදියි. (පි. 468)

විජ්ඣන

න. විදීම, වෙධනය. (පි. 468)

විජ්ඣාපන

න. විඳුවන, විද්දවන. (පි. 468)

විජ්ඣාපිත

ති. විදිනලද. (පි. 468)

විජ්ඣාපෙති

ක්‍රි. (√ දි. විධි, තාලනෙ, තැලීමෙහි +ණාපෙ+ති) විද්දවයි. (පි. 468)

විජ්ඣායති

ක්‍රි. (√ භු. ඣෙ, දය්හනෙ, දැවීමෙහි +ති) දැවෙයි, ක්ෂයවෙයි. (පි. 468)

විජාත

ති. වදනලද, හටගත්, උපන්. (පි. 469)

විජාතා

ඉ. දැරු ලද්දී, වැදූ තැනැත්තී. (පි. 469)

විජාති

ඉ. අන්‍යජාතිය. (පි. 469)

විජානන

න. දැනීම, අවබෝධය, දැනගැන්ම. (පි. 469)

විජානාති

ක්‍රි. (√ භු. ඤා, අවබොධෙ, දැනීමෙහි +ති) දැනීම, මනාව දනී. (පි. 469)

විජායති

ක්‍රි. (√ දි. ජානි, පාතුභාවෙ, පහළවීමෙහි +ති) වදයි, ප්‍ර‍සූත කරයි. (පි. 469)

විජායන

න. වැදීම. (පි. 469)