සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 809

විචිත්ත

ති. විසිතුරු, විචිත්‍ර‍. (පි. 468)

විචිනන

ති. සෙවීම, බැලීම. (පි. 468)

විචුණ්ණ

න. සුණුකළ. (පි. 468)

විචුණ්ණිත

ති. සුණුකළ, චූර්‍ණකරන ලද. (පි. 468)

විජටන

න. වෙළුහැරීම, අවුල් හැරීම. (පි. 468)

විජටිත

ති. වෙළුහළ, අවුල් අරිනලද, වෙළු අරිනලද. (පි. 468)

විජටෙති

ක්‍රි. (√ භු. ජට, සංඝාතෙ, නැසීමෙහි +ණෙ+ති) වෙළුහරියි, අවුල් හරයි. (පි. 468)

විජන

පු. ජනයන් රහිත, ජනසූන්‍ය, විවේක ඇති. (පි. 468)

විජනට්ඨාන

න. විජනස්ථාන, විවේකස්ථානය. (පි. 468)

විජම්භති

ක්‍රි. (√ භු. ජහි, ගත්තවිනාමෙ, ඇඟමැලි කැඩීමෙහි +ති) විජෘම්භනය කරයි, වැජඹේ. (පි. 468)

විජම්භන

න. විවිධ දිසාවන් බැලීම. (පි. 469)

විජම්භිකා

ඉ. ඈණුම් හැරීම, ඇඟමැලි කැඩීම, අලසකම. (පි. 469)

විජම්භිත

ති. විජෘම්භණය කළ, වැජඹුනු. (පි. 469)

විජය

පු. විශේෂ ජය, මහත් ජය, දිනීම. (පි. 468)

විජයති

ක්‍රි. (√ දි. ජී, ජයෙ, දිනීමෙහි +ති) දිනයි, ජයගනී. (පි. 468)

විජහති

ක්‍රි. (√ කි. ජී, අභිභවෙ, වැඩීමෙහි +ති) පහකරයි, දුරුකරයි. (පි. 468)

විජහන

න. දුරුකරන, පහකරන. (පි. 468)

විජහිත

ති. දුරුකළ, පහකළ. (පි. 468)

විජ්ජති

ක්‍රි. (√ දි. විද, සත්තායං, වීමෙහි +ති) විද්‍යමාන වේ, ඇතිවේ. (පි. 468)

විජ්ජන්තරික

න. විදුලියක් අතර, විදුලි එළියක් පවත්නා අතර කාලය. (පි. 468)

විජ්ජමාන

ති. පවත්නා, තිබෙන. (පි. 468)

විජ්ජා

ඉ. වෙදය, ශිල්පය, ත්‍රිවිද්‍යා ආදිය, විඳීනුයි ලබානුයි හෝ තමාට සතුරු මෝහාදිය විඳීනුයි හෝ විජ්ජා නමි. (පි. 468)

විජ්ජාකොට්ඨාස

පු. විද්‍යා කොටස්, විද්‍යාභාග. (පි. 468)

විජ්ජාචරණ

න. අෂ්ටවිද්‍යා හා පසළොස් චරණ ධර්‍ම (පි. 468)