සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 808

විචරණ

න. සංචාරණය, හැසිරීම. (පි. 467)

විචරති

ක්‍රි. (√ භු. චර, චරණෙ, හැසිරීමෙහි +ති) හැසිරෙයි. (පි. 467)

විචරිත

ති. හැසුරුණු, හැසිරෙණලද. (පි. 467)

විච්ඡ

√ භු. උප්පත්තියං, ඉපදීමෙහි, විච්ඡති, උපදී.
√ චු. දිත්තියං, දීප්තියෙහි, විච්ඡෙති, විච්ඡයති, බබලයි. (පි. 468)

විච්ඡික

පු. ගොනුස්සා. (පි. 468)

විච්ඡිද්ද

න. විවිධවූ සිදුරු, නානාප්‍ර‍කාර ඡිද්‍රා. (පි. 468)

විච්ඡිද්දක

ති. විවිධ දිශාවෙන් හටගත් සිදුරු ඇති. (පි. 468)

විච්ඡින්දක

පු. සිඳින්නා, සිඳීම. (පි. 468)

විච්ඡින්දති

ක්‍රි. (√ රු. ඡිදි, ද්විධාකරණෙ, කොටස් කිරීමෙහි +ති) සිඳියි, කපයි. (පි. 468)

විච්ඡින්දන

න. සිඳීම, කැපීම. (පි. 468)

විච්ඡින්දික

පු. පහවූ ආසා ඇත්තා, ආසා නැත්තා. (පි. 468)

විච්ඡෙද

පු. සිඳීම, කැඩීම, නැවතීම. (පි. 468)

විචාර

පු. පරීක්ෂාව. (පි. 467)

විචාරක

පු. පරීක්ෂා කරන්නා. (පි. 467)

විචාරණ

න. පරීක්ෂාකිරීම, ඔබමොබ හැසිරීම. (පි. 467)

විචාරිත

ති. හසුරුවනලද. (පි. 467)

විචාරිය

පු. විචාරණය කොට. (පි. 467)

විචාරෙති

ක්‍රි. (√ භු. චර, චරණෙ, හැසිරීමෙහි +ණෙ+ති) හැසිරෙයි. (පි. 467)

විචිකිච්ඡති

ක්‍රි. සැකකරයි. (පි. 467)

විචිකිච්ඡා

ඉ. විචිකිච්ඡාව, සැකය. (පි. 467)

විචිකිච්ඡි

පු. විචිකිච්ඡා ඇති. (පි. 467)

විචිකිච්ඡිත

ති. විචිකිච්ඡා කළ. (පි. 467)

විචිණාති

ක්‍රි. (√ කි. චී, චයෙ, රැස්කිරීමෙහි +ති) සොයයි, පරීක්ෂාකරයි. (පි. 467)

විචිත

ති. වෙන් කළ, අස්කළ. (පි. 468)