සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 956
හය
√ භු. ගතියං, යාමෙහි, හයති, යෙයි.
පු. අශ්වයා, අසු. (පි. 540)
හයපොතක
පු. අශ්වපැටියා, අශ්වපොතකයා. (පි. 540)
හයවාහී
ති. අසුන් විසින් අදනාලද. (පි. 540)
හයානික
න. පුරුෂයන් තුන්දෙනෙකු හා අශ්වයෙකුගෙන් යුත් සමූහය, එබඳු ඇණිය. (පි. 540)
හර
√ දි. හරණෙ, පහකිරීමෙහි, හරති, පහකරයි.
√ භු. ආදානෙ, ගැනීමෙහි, හරති ගනියි, ආහාරො, අවහාරො.
පු. ඊශ්වරයා, මහදෙවියා.
√ භු. හරණෙ, හැරීමෙහි, ගෙනයාමෙහි, හරති, හැරගනී, ගෙනයයි, විහරති, විහාරො. (පි. 540)
හරණ
න. හැරීම, ගෙනඒම, අත්හැරීම. (පි. 540)
හරණක
න. බඩු තැනින් තැනට ගෙන යෑම. (පි. 540)
හරණී
ඉ. හැරගෙනයන්නී, පතුරුවන්නී, රසහරණියහස්සති. (පි. 540)
හරති
ක්රි. (√ හර, හරණෙ, ගෙනයෑමෙහි +ති) හැරගෙන යයි. (පි. 540)
හරායමාන
ති. ගෙනයනු ලබන. (පි. 540)
හරි
පු. විෂ්ණු, සිංහයා, ස්වර්ණය, නිල්වස්තු. (පි. 540)
හරිචන්දන
න. රන්වන් සඳුන්. (පි. 540)
හරිණ
පු. මෘගයා, මුවා, මිග. (පි. 540)
හරිත
පු. පලාවන් පැහැය, වෙරළුමිණ. (පි. 540)
හරිතත්ත
න. නිල්වන්බව. (පි. 540)
හරිතපණ්ණ
න. එළවළු. (පි. 540)
හරිතාමය
පු. වාචීකර, රත්රන්. (පි. 540)
හරිතාල
න. හිරියල්. (පි. 540)
හරිතුපත්ත
ති. නිල්වන් තණවලින් වැසුනු. (පි. 540)
හරිනෙත්ත
න. බකමූණු, මහමුහුනු. (පි. 540)
හරිය
√ භු. ගම, නගෙලඤ්ඤෙසු, ගමනයෙහි හා ගිලන් බැව්හි, හරීයති, යෙයි ගිලන්වෙයි. (පි. 540)
හරිහය
පු. ශක්රයා, සක්දෙව්රජ. (පි. 540)
හරී
ති. සිත් කලුදෙය, ගෙනයන්නා. (පි. 541)
හරීත
ති. කොළපාට, කහපාට. (පි. 540)