සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1085
පිණිපා කරනවා
ක්‍රි. නමස්කාර කරනවා ; පාමුල නමදිනවා ; වැඳ වැටෙනවා.
පිණිස
නි. සඳහා, උදෙසා ආදි වශයෙන් සම්ප්‍රදාන විභක්ති අර්ථය හඟවන නිපාත පදයක්.
පිත
1. නා.ප්‍ර. අක්මාවෙන් ස්රාවය වන ද්‍රවයක් ; පිත්තය.
2. පියා.
3. පුත්‍රයා.
පිත්කෝෂය
නා. පිත්තාශය ; පිත්බෝක්ක.
පිත්ත
1. නා. පොල්, තල්, කෙසෙල් ආදි ගස්හි අතුවල කොළ රහිත මුල් කොටස ; බිඩංගය.
2. පක්ෂීන්ගේ පිහාටුවේ මැද නාරටිය.
3. ඇතැම් පන්දු ක්‍රීඩාවල දී පන්දුවට පහර දීමට භාවිත කරන උපකරණය.
පිත්තනායකය
(පාරිභා.) නා. බහිශ්‍රාවී නාල විශේෂයක් ; යාකෘතික නාලය කරා පිත ගලා යෑම සඳහා අක්මාවේ ඇති ප්‍රධාන නාලයක්.
පිත්තය
නා. අක්මාවෙන් ස්රාවය වන ද්‍රවයක්.
පිත්තල
නා.ප්‍ර. තඹ සහ තුත්තනායගම් මිශ්‍ර කොට සාදාගනු ලබන ලෝහ සංයෝගයක්.
පිත්තලාම්ල
පිත්වතුර
නා. පිත්තාශයේ නිපදවන, ආහාර ජීර්ණකර ශක්තිය ඇති කරවන කහපැහැ දියරක් ; පිත්දිය.
පිතාමහ
නා.ප්‍ර. පියාගේ පියා ; මුත්තා ; සීයා.
පිතිකරුවා
(නව.) නා. පන්දු ක්‍රීඩාවක දී පන්දුවට පිත්තෙන් පහර දෙන්නා.
පිතුපට්ඨාන
නා.ප්‍ර. පියාට කරන උපස්ථාන හා සංග්‍රහ.
පිතෘඝාතකයා
නා. පියා නැසූ තැනැත්තා.
පිතෘත්වය
නා. පියබව.
පිතෘදානය
නා. මියගිය මව්පියන් උදෙසා ආහාර වස්ත්‍ර ආදිය දීම.
පිතෘවධය
නා. පියා මැරීම ; පිතෘ ඝාතනය.
පිතෘස්නේහය
නා. පියකු වසයෙන් ඇති වන දරු සෙනෙහස.
පිදවිල්ල
1. නා. දෙවියන්ට හෝ යක්ෂ, ප්රේතාදීන්ට දෙන පූජාව ; දොලතටුව.
2. විහාර දේවාලවලට පුද්ගලයකු විසින් පූජා කරන ඉඩකඩම් දේපළ.
පිදහන
1. නා. වැස්ම ; මූඩිය ; පියන්පත ; පියන.
2. වසා අවුරා තිබීම ; සංවර කිරීම ; වැසීම.
පිදුම
1. නා. පූජා කිරිම. - ආ පූජා කරන ලද ඉඩකඩම් ආදිය.
පිදුරු
නා.ප්‍ර. ගොයම් කපා පාගා ගත් පසු ඉතිරි වන වියළි ගොයම් ගස්.
පිදේනිය
නා. පිදවිල්ල.
පිධානය
1. නා. වැස්ම.
2. මසුන්ගේ හිස දෙපසේ සෑදී ඇති පියන්පත.
3. කපාටය ; වෑල්වය.
4. පාසි බීජාණුධානියේ පියන.