සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1103
පුද්ගල ශුන්‍යතාව
නා. භූතාර්ථ වශයෙන් සත්ත්වයකු හෙවත් පුද්ගලයකු නැති බව ; නිරාත්මකතාව.
පුද්ගලත්වය
1. නා. පුද්ගලභාවය ; පුද්ගලයකුගේ තත්ත්වය.
2. (වහලකු නොවී) ඉපදීමත් සමග ම පිළිගන්නා ස්වාභාවික පුද්ගලයා.
පුද්ගලභාවය
නා. පුද්ගලයාගේ ස්වභාවය ; පුද්ගලයාගේ දක්ෂතා, හැඟීම්, ගතිපැවතුම්, ආකල්ප ආදි චරිතාඞ්ගවල ඒකත්වය ; ස්වීයත්වය ; පෞරුෂය.
පුද්ගලයා
1. නා. මනුෂ්‍ය ප්‍රජාවේ සාමාජිකයා ; තනි මිනිසා ; තැනැත්තා ; පුඟුලා.
2. (අභි.) ආත්මය.
පුද්ගලාර්ථ වාදය
(පාරිභා.) නා. පුද්ගලයාගේ රුචි අරුචිකම් අනුව නිදහස් ලෙස ක්‍රියා කිරීම අනුමත කරන සමාජ දර්ශනාත්මක මතය.
පුද්ගලාර්ථතාව
(පාරිභා.) නා. එක් පුද්ගලයකු අනෙක් පුද්ගලයකුගෙන් වෙන් කොට හැඳින ගත හැකි ලක්ෂණවල එකතුව ; සියත් බව.
පුද්ගලික දේපල ක්‍රමය
නා. ඉඩකඩම් වස්තුව ආදිය පිළිබඳ ව පෞද්ගලික අයිතිය ගරු කරන දේශපාලන ක්‍රමය ; ධනවාදී ආර්ථික ක්‍රමය.
පුද්ගලික ව්‍යවසාය
නා.ප්‍ර. පුද්ගල ව්‍යාපාරවල දී පුද්ගලයා දක්වන ස්ථිර අධිෂ්ඨානය ; පුද්ගලයා නිර්භය ව කරන අවදානම් ආයෝජනය.
පුද්ගලික සමාගම
නා. පුද්ගලයන් කීපදෙනකු එක් වී පිහිටුවා ගනු ලබන මණ්ඩලය හෝ සමායතනය ; රජයේ නොවන ආයතනය.
පුනර්ජීවය
නා. නැවත ප්රාණවත්වීම ; නැවත ප්රබෝධයක් ඇතිවීම.
පුනර්භවය
නා. නැවත ඉපදීම ; මතු ජාතිය.
පුනරාවර්ත
වි. නැවත ඇතිවන ; වරින්වර ඇතිවන.
පුනරුක්ත
වි. නැවත කියන ලද ; යළි කියූ.
නා.ප්‍ර. නැවත කීම.
පුනරුත්ථානය
නා. නැවත නැගී සිටීම.
පුන්
වි. පිරුණු ; සම්පූර්ණ වූ ; අනූන වූ.
පුප්
වි. පිපුණු ; විකසිත.
නා.ප්‍ර. මල්; පුෂ්ප.
පුප් මී
නා.ප්‍ර. මල්පැණි ; පුෂ්ප මධුව.
පුප්පනවා
1. ක්‍රි.විකසිත කරනවා ; විදහනවා ; ප්‍රසාරණය කරනවා ; පුම්බනවා.
2. ලොකුකම් පානවා ; කෝපය පෙන්වනවා.
පුප්ඵාසව
[පුප්ඵ + ආසව]
නා.ප්‍ර. පොල්, කිතුල් ආදි ගස්වල මල් රස පල්කිරීමෙන් සාදා ගන්නා මත්පැන.
පුප්ඵුස කපාටිකාව
(පාරිභා.) නා. දකුණු කෝෂිකාවේ සිට රුධිරය ගලා යන පුප්ඵුසීය ධමනියේ මුඛය රකිමින් ලේ ආපසු නොයාමට ඇති ආවරණය ; පුප්ඵුසීය කපාටය.
පුප්ඵුස ඡවිකාව
(පාරිභා.) නා. පෙනහැල්ල ආවරණය වී ඇති සිවිය.
පුප්ඵුසීය ධමනිය
නා. හෘදය වස්තුවේ දක්ෂිණ කෝෂිකාවේ සිට පෙනහැලි කරා ඔක්සිජන් මුක්ත රුධිරය ගෙන යන නාලය.
පුඵුල්ල
1. වි. මනාව පිපුණු ; විකසිත ; මිණිමුතු.
2. ප්‍රබෝධවත් වුණු ; සතුටු වූ ; ප්‍රීතිමත්.
පුබ්බර
වි. පිහාටු නැති ; පියාපත් නොසෑදුණු ; ඉතා ළදරු.