සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1104
පුබ්බේනිවාසානුස්සති ඤාණය
නා. අතීත ආත්මයන් සිහිකරන නුවණ
පුබුදිනවා
ක්රි. පිබිදෙනවා ; ප්රබෝධ වෙනවා ; පිපෙනවා ; විකසිත වෙනවා.
පුබුදු
1. වි. පිපුණු ; විකසිත වූ.
2. නින්දෙන් අවදි වූ.
පුමංගධරය
(පාරිභා.) නා. මලක මුකුටයත්, රේණුත් අතර දික් වූ ග්රාහය.
පුමංගය
(පාරිභා.) නා. මලක බීජ ඉපදවීමට වුවමනා බීජාණු දරන අවයවය.
වි. පුරුෂලිංගික අවයව පමණක් ඇති.
පුම්බනවා
1. ක්රි. බැලුනයක් වැනි දෙයකට හුළං පුරවනවා ; හුළං පිරවීමෙන් මහත් කරනවා.
2. ආඩම්බරය දක්වනවා.
පුමිතිරි
[පුම + ඉතිරි]
නා.ප්ර. පිරිමි සහ ගැහැණු ; පුරුෂ ස්ත්රී යන දෙපක්ෂය.
පුයිකාව
(පාරිභා.) නා. සැරව සහිත බිබිල.
පුර
1. නා.ප්ර. පුරය.
2. ඉදිරිය ; ඉස්සරහ.
3. චන්ද්ර මාසයෙහි ශුක්ල හෙවත් පුර පක්ෂය.
වි. චන්ද්රයා පිරෙන කාලසීමාවට අයත් ; පුර පක්ෂයට අයත්.
පුර පසළොස්වක
නා.ප්ර. චන්ද්ර මාසයේ පුර පක්ෂයේ පසළොස්වැනි දවස ; පුර හඳ පායන දා.
පුරං
වි. ගොවිතැන් නොකර අත්හරින ලද ; වල් බිහි ව ඇති.
පුරං කොටනවා
(කථා.) ක්රි. කුඹුරක් ගොවිතැනට සකස් කිරීම සඳහා මුල් වතාවට උදැල්ලෙන් පස් පෙරළනවා.
පුරඃ කෝෂ්ඨ
(පාරිභා.) වි. ජීවියකු කෝෂගත වීමට පෙර ; කෝෂ්ඨ ගත වීමට කලින්.
පුරඃ පුටය
(පාරිභා.) නා. ගැඩවිලුන් වැනි වාලයික පණුවන්ගේ මුඛයට ඉදිරියෙන් පිහිටි හිසේ කොටස.
පුරඟන
පුරචන්ද්රයා
නා. පුර පෑළවියෙහි සිට පුර පසළොස්වක තෙක් කාලය තුළ සඳ ; පුර පක්ෂයෙහි චන්ද්රයා.
පුරත්ථිම
වි. නැගෙනහිරට අයත්.
පුරනවා
1. ක්රි. පිරෙන්නට සලස්වනවා ; පුරවනවා ; සම්පූර්ණ කරනවා.
2. පටන් ගන්නවා ; ආරම්භ කරනවා.
පුරඳර
නා.ප්ර. ශක්ර දේවේන්ද්රයා.
පුරපක්ෂය
නා. චන්ද්ර මාසයේ ක්රමයෙන් සඳ වැඩෙන කාලය ; ශුක්ල පක්ෂය.
පුරපති
නා.ප්ර. නගරයෙහි ප්රධානියා ; නගරාධිපති.
පුරප්පාඩුව
නා. තනතුරක් හිස් වීමෙන් ඇති වන අඩුව ; ඇබෑර්තුව.
පුරය
නා. නුවර ; ඉතා විශාල ජනාකීර්ණ ප්රදේශය.
පුරවනවා
1. ක්රි. අඩුව සම්පූර්ණ කරනවා ; හිස්බව නැති කරනවා ; සම්පූර්ණ කරනවා.
2. මන්ත්ර ආදිය ජප කරනවා.
3. (කමතේ දී) කෑම කනවා.