සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1102
පුත්‍රධනය
නා. දරු සම්පත ; දරුවන් නමැති වස්තුව.
පුත්රපෞත්ර
නා.ප්‍ර. දරු මුනුබුරු.
පුත්‍රිකා
නා.ප්‍ර. දුවණිය ; පුත්‍රිය.
පුත්රීකරණය
(පාරිභා.) නා. අන් දරුවකු තමාගේ දරුවකු ලෙස පිළිගැනීම හෙවත් කුලවැද්දීම.
පුත්රීකෘත
වි. පුත් බවට පමුණුවාගනු ලැබූ.
පුත්‍රීය යාගය
නා. පුත්‍ර සම්පත බලාපොරොත්තුවෙන් කරනු ලබන යාග පූජාව.
පුතා
1. නා. මව්පිය දෙදෙනකුගේ පිරිමි දරුවා ; පුත්‍රයා.
2. බාල වයසේ තැනැත්තා ; තරුණයා.
3. (කථා.) දක්ෂයා ; හපනා.
4. දේව, රාජ සහ කුල ආදි තත්ත්වයක් දරන්නා.
5. ශිෂ්‍ය භාවය නිසා පුතකු සේ සැලකෙන්නා.
පුථුජ්ජන
වි. කෙලෙස් සහගත ; මාර්ග අවබෝධයට නොපැමිණි ; පෘථග්ජන.
පුථුල
වි. විශාල ; මහත් වූ ; පැතිරුණු ; පුළුල් ; පෘථුල.
පුද
1. නා.ප්‍ර. (ගඳ, මල්, පහන් පිදීම් ආදි වශයෙන් ද, වන්දනාමානාදි වශයෙන් ද, නැටුම් ගැයුම් ආදි වශයෙන් ද, ආහාරපාන පිරිනැමීම් ආදි වශයෙන් ද කරන හරසර) පූජාව.
2. වැඳීම ; අභිවාදනය.
පුද සිරිත්
නා.ප්‍ර. පුද පූජා පැවැත්වීමේ පිළිවෙල ; පූජා සැලකිලි කටයුතුවල දී අනුගමනය කළ යුතු චාරිත්‍ර.
පුදඕලක්කම්
නා.ප්‍ර. (පූජාර්හ කෙනකුට හෝ පූජනීය ස්ථානයකට හෝ කරනු ලබන) පුදපූජා ; පූජා සත්කාර ; පුද පඬුරු.
පුදනවා
ක්‍රි. පූජා කරනවා ; ගෞරව භක්ති පූර්වක ව ගෞරව දක්වනවා ; පිරිනමනවා.
පුදපඬුරු
නා.ප්‍ර.බහු. පූජා වශයෙන් පිරිනමන දේ ; පූජෝපකරණ.
පුදසත්කාර
නා.ප්‍ර. පූජා හා ගරුබුහුමන් ; පිදීම් හා ගරු සැලකිලි.
පුද්ගල ආරක්ෂකයා
නා. පුද්ගලයකු ආරක්ෂා කිරීමට නිල වශයෙන් හෝ පෞද්ගලික වශයෙන් හෝ කටයුතු කරන තැනැත්තා ; මුරභටයා.
පුද්ගල ගර්හාව
නා. පුද්ගලයකුට කරන ගැරහීම.
පුද්ගල තාදාත්ම්‍යය
(පාරිභා.) නා. නූතන බටහිර දර්ශනයට අනුව අවස්ථා ශ්‍රේණියක් තුළ පවතින පුද්ගලයකුගේ අනන්‍යතාව.
පුද්ගල නීතිය
නා. පොදු නීතියෙන් වෙන් ව ආගම, පදිංචි ප්‍රදේශය වැනි දේ විශේෂයෙන් මුල් කොට ගෙන ඊට අදාළ පුද්ගලයා කෙරෙහි පමණක් බලපාන නීතිය.
පුද්ගල ප්‍රමාණවාදය
(පාරිභා.) නා. පුද්ගල විශේෂතාව පරම අගය වශයෙන් ද, සත්භාවයේ අර්ථය අනාවරණය කිරීමේ යතුර වශයෙන් ද සලකන දර්ශනය.
පුද්ගල බද්ධ සාධක
නා.ප්‍ර. පුද්ගලයා කෙරෙන් පැන නගින සාධක ; පුද්ගලානුබද්ධ සාධක.
පුද්ගල වාදය
1. නා. පංචස්කන්ධය හා එක් වූ පුද්ගලයකු ඇතැයි යන ධර්මය.
2. පෞද්ගලික ප්‍රයෝජනය තකා වැඩකිරීමේ ප්‍රතිපත්තිය උසස් යැයි දක්වන මතය.
පුද්ගල විඥානවාදය
නා. පුද්ගලයා කෙරෙහි වූ සත්භාවය හා ජගත් ප්රතිෂ්ඨාවේ සත්භාවය අතහවුරු කිරීමේ දර්ශනවාදය.
පුද්ගල විභාගය
නා. අර්ථවත් සජිවි සමස්තයක් වන මිනිසා කෙරෙහි වූ සත්‍ය කරුණු හැදෑරීම.