සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1108
පුෂ්ට
1. වි. පෝෂණය කළ ; පෝෂිත.
2. ඇති දැඩි කළ.
පුෂ්ටකය
නා. (උද්භි) පෝෂක ශාකයකින් පෝෂණය වන උද්භිදයක් ; පරපෝෂිත උද්භිදයක්.
පුෂ්ටිමත්
වි. සනීපවත් ; තරබාරු ; ස්ථුල.
පුෂ්ප අක්ෂය
(පාරිභා.) නා. (උද්භි.) පුෂ්පයක අවයව දරන කොටස ; පුෂ්පග්රාහකය හෙවත් ග්‍රාහය.
පුෂ්ප මඤ්ජරිය
1. නා. මල් කලඹ ; මල් පොකුර.
2. (පාරිභා.) සපුෂ්ක ශාකයක ප්‍රරෝහයේ මල් හට ගැනෙන කොටස ; මංජරිය.
පුෂ්ප මූල පත්‍රය
නා. (උද්භි.) පුෂ්පමඤ්ජරිය ආවරණය වීමට සෑදී ඇති උපමණි පත්‍රය.
පුෂ්ප සූත්‍රය
(පාරිභා.) නා. (උද්භි.) පුෂ්පයේ ඇති කොටස්වල සම්බන්ධකම් පෙන්වන සංකේතමය සටහන.
පුෂ්පක
1. නා.ප්‍ර. පිත්තල බොර.
2. නිල් හෝ කොළපාට ගිනි වතුර.
3. කුවේරයාගේ රථය.
4. ඇස ගාන අඳුනක්.
5. මැණික් හෝ දියමන්ති වළල්ල.
6. කුඩා උදුනක් ; ලෝහ උණු කිරීමට ගැනෙන කෝව.
7. ඇස් රෝගයක්.
8. ඇල් වී වර්ගයක්.
පුෂ්පකෝෂය
නා. මල් කොළපුව ; මලක ආවරණය ; මල් කෝෂය.
පුෂ්පමූල ප්‍රාවරය
නා. (උද්භි.) පුෂ්ප මඤ්ජරිය ආවරණය කරන කොපුව.
පුෂ්පමෞලය
නා. (ගොවි.) ගෝවා, කැරට්, බීට්, ලූනු ආදියෙහි මල් හටගැනීම.
පුෂ්පය
1. නා. මල ; කුසුම.
2. මල් ගස හා මල් වැල.
3. ඔසප් වීම.
4. ඇසේ සෑදෙන රෝගයක්.
පුෂ්පරාග
නා.ප්‍ර. මැණික් විශේෂයක්.
පුෂ්පරේණු
නා.ප්‍ර. මල්වල ඇති පිටි වැනි දේ ; මල් රොන් ; මල්වල පරාග.
පුෂ්පවෘන්තය
(පාරිභා.) නා. (උද්භි.) මල් නටුව.
පුෂ්පසමය
නා.ප්‍ර. මල් අධික කොට ඇති කාලය ; වසන්ත කාලය ; වෙසක් මාසය.
පුෂ්පාංකූරය
නා. මල් පොහොට්ටුව ; කැකුළ ; කුඩ්මලය.
පුෂ්පාරාමය
නා. මල්වත්ත ; මල් උයන.
පුෂ්පාවරණය
නා. (උද්භි.) මණිය හා මුකුටය පැහැදිලි ව වෙන් කොට ගත නොහැකි මලක බාහිරවලය ; පරිපුෂ්පය.
පුෂ්පාසනය
නා. මල් පුදන මැස්ස හෙවත් ඵලකය ; මල් ආසනය.
පුෂ්පාසවය
1. නා. තල් පොල් ආදියෙහි මල්වලින් පෙරා පැසවා ගත් සාරය ; මත්පැන්.
2. මල්වලින් ලබාගන්නා පැණි වර්ගයක් ; මී පැණි ; පැණි.
පුෂ්පිකා
(පාරිභා.) නා.ප්‍ර. (උද්භි.) එකට කැටි වුණු මංජරියක් තිබෙන තනි මලක්.
පුෂ්පිත
වි. මල් පිපුණු ; මල් හටගත්.
පුෂ්පිතාග්රය
නා. මුදුන් මල්කැන.