සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1109
පුෂ්පෝපහාරය
නා. මලින් කරන පූජාව ; ගෞරව සම්ප්‍රයුක්ත භක්තිය දැක්වීම සංකේත කොට කරන මල් පිදීම.
පුස්
1. නා. දිරා පත් වෙමින් පවතින ශාක, රෙදි, කඩදාසි ආදියෙහි හට දිලීරයක්.
2. ලිවීම සඳහා පිළියෙල කරගත් තල් කොළ.
3. මල ; පුෂ්පය.
4. සවිමත් වැල් විශේෂයක්.
1. වි. කර ඇඹූ ; බීජෝද්ධරණය කළ.
2. ඉතා මහත්.
3. හිස් ; පුහු.
පුස් කනවා
1. ක්‍රි. පුස් අල්ලනවා ; පුස් බැඳෙනවා ; පුස් හටගන්නවා.
2. පාවිච්චියෙන් තොර ව පරණ වෙමින් පවතිනවා.
පුස් රථය
නා. පුෂ්ප රථය , උත්සව අවස්ථාවල දී රජු නැගී යන රථය ; රාජකීයයන් ගමන් කරන වාහනය ; මංගල රථය.
පුස්කර
1. නා.ප්‍ර. ඖෂධයක් වශයෙන් ගන්නා ලවණ විශේෂයක් ; ටංකණ.
2. ලෝහ පෑස්සීමේ දී යොදන ද්‍රව්‍යයක් ; පදම් මැටි.
පුස්කොළ පොත
නා. පුස්කොළවල ලියූ පොත.
පුස්ගඳ
නා. පුස් බැඳුණු දෙයකින් නිකුත් වන අමිහිරි ගඳ.
පුස්තකය
නා. පොත ; ග්‍රන්ථය.
පුස්තකාලය
[පුස්තක + ආලය]
නා. කියවීම සඳහා පොත් තැන්පත් කොට තබන ස්ථානය ; පොත්ගුල.
පුස්රෝගය
නා. ශාකවල කඳ, මුල්, පත්‍ර ආදියේ පුස් හටගැනීමේ රෝගය.
පුස්වඩුවා
1. නා. පරමල් බැහැර දමන සේවකයා.
2. අශූචි ආදී අපවිත්‍ර දෑ බැහැර කරන්නා.
පුස්සනවා
ක්‍රි. ගින්නෙන් දැවීම කරනවා ; පුච්චනවා ; පුලුස්සනවා.
පුසිනවා
ක්‍රි. රැකබලා ගන්නවා ; නඩත්තු කරනවා ; පෝෂණය කරනවා.
පුසියා
නා. කර අඹන ලද ගොනා.
පුසුඹ
නා.ප්‍ර. සුවඳ ; සුගන්ධය ; පුස්ඹ.
පුහු
වි. පුස් ; හිස් ; ඇතුළත කිසිවක් නැති ; ලොඳ මද ආදි කිසිවක් නැති.
පුහු කරනවා
ක්‍රි. සහල්වලින් වී, සුනු සහල් ආදිය කුල්ලෙන් පොලා වෙන්කර ගන්නවා ; පූ කරනවා.
පුහුණු කම්කරුවා
නා. (ඒ ඒ කම්කරුවන්ට අයත් කාර්ය පිළිබඳ) නිපුණත්වයක් ලබා සිටින්නා ; පළපුරුද්දෙත් ලබාගත් ප්‍රවීණතාව ඇති කම්කරුවා.
පුහුණු කරනවා
ක්‍රි. පුරුදු කරනවා ; අභ්‍යාස කරනවා ; පරිචය කරනවා.
පුහුණු ගුරු
නා.ප්‍ර. ගුරු විදුහලක ඉගැන්වීමේ සිද්ධාන්ත හා ක්‍රම පිළිබඳ පාඨමාලාවක් හදාරා ඉගැන්වීම පිළිබඳ පුහුණුවක් ලැබූ ගුරුවරයා.
පුහුණුගත
නා. පාඩම් කළ පොත ; පඨනය කළ පුස්තකය ; ප්‍රගුණ කළ ග්‍රන්ථය.
පුහුඬා
නා.ප්‍ර. සතුන්ගේ ලේ උරා බොන සිහින් පණු විශේෂයක් ; කූඩැල්ලා ; පූඩාවා.
පුළුල්
1. වි. පළල ඇති ; පටු නොවූ ; පෘථුල වූ.
2. පැතිරුණා වූ ; පතළා වූ.
පුළුලුකුළ
නා. පළල් වූ උකුළ ; ඇකය ; කටිය.